News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

දෝනි සහ කාර්තික් සීතල යුද්ධයක. ඊයේ IPL පිටිය උණුසුම් වුනේ මෙහෙමයි.

2201 Views


දෝනි සහ කාර්තික් සීතල යුද්ධයක. ඊයේ IPL පිටිය උණුසුම් වුනේ මෙහෙමයි.

Chennai Super Kings සහ Kolkata Knight Riders අතර තරඟයක් ඊයේ වුණා. මේ තරඟයේදී නායකයන් දෙදෙනා අතර පිතිහරඹයෙන් සීතල යුද්ධයක් වුණා. කොහොම වුනත් අවසානයේදී KKR නායක දිනේෂ් කාර්තික් ජයග්‍රහණය කරා.

මුලින්ම පන්දුවට දුන්න CSK කණ්ඩායම ලකුණු 177 ක් රැස් කරා. ඒ කඩුලු 5 ක් දැවී. වොට්සන් ලකුණු 36 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. ඩු ප්ලෙසී ලකුණු 27 යි. රයිනා ලකුණු 31 ක් ලබා ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක දෝනි නොදැවී ලකුණු 43 යි. ඔහුගේ ඉනිම 4 6 පහර 4 කින් වර්ණවත් වුණා. චවුලා සහ සුනිල් නරයින් කඩුලු 2 බැගින් දවා ගත්තා.

KKR කණ්ඩායම වේගයෙන් ඉලක්කය හඹා ගියා. සුනිල් නරයින් ලකුණු 32 යි. 5 වෙනි කඩුල්ලට පිටියේ එක්වුන ෂුබ්මන් ගිල් සහ දිනේෂ් කාර්තික කණ්ඩායම ජයග්‍රහණයට ගෙන ගියා. ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 57 යි. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ 6 පහර 2 කින් වර්ණවත් වුණා. වේගවත් ප්‍රහාරයක් දියත් කල දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 45 යි.

පන්දුවාර 17 යි පන්දු 4 ක් වෙද්දී KKR කණ්ඩායම ඉලක්කය පසු කරා. ඒ දිනේෂ් කාර්තික් පිට පිට එල්ල කරන ලද 4 පහර 2 කින්. අසීෆ්, ජඩේජා, හර්බජන් සිං සහ ලුන්ගි එක කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා සුනිල් නරයින්.


News Articles
Latest Videos
Most Popular Post