News Line| Off Air
Generic placeholder image

May
4

අල්ලස් ගත්ත රජයේ ඉහළ නිලධාරීන් දෙදෙනා කොටු කරපු හැටි මෙන්න.

587 Views


අල්ලස් ගත්ත රජයේ ඉහළ නිලධාරීන් දෙදෙනා කොටු කරපු හැටි මෙන්න.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වන ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ඔවුන් දෙදෙනා කන්තලේ සීනි සමාගමේ ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ ලබා දෙන්න තමයි ඔවුන් ඉන්දීය ජාතිකයන් දෙදෙනාගෙන් මේ අල්ලස් ඉල්ලලා තියෙන්නේ. කොටි 10 ක අල්ලස් මුදලෙන් කෝටි 2 ක අත්තිකාරමක් දෙනකොට තමයි ඔවුන් දෙදෙනා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

කැබිනට් අනුමැතියකින් පැමිණිලිකාර ඉන්දීය ජාතිකයාට සීනි සමාගමේ භූමිය ලබා දීලා තියෙනවා. අද භූමියේ ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ ලබා දෙන්න නම් කොටි 54 ක අල්ලසක් සැකකරුවන් ඉල්ලලා තියෙනවා. මේ අල්ලස සම්බන්ධව මාසයක විතර කාලයක සැකකරුවන් හා පැමණිලිකරුවන් අතර දුරකථන සංවාද ඇති වෙලා තියෙනවා. ඒ සියල්ල අල්ලස් කොමිසමේ නිලධාරීන් පටිගත කර ගෙන තියෙනවා.

මුලින් ඉල්ලන ලද කොටි 54 අවසානයේදී කෝටි 1ඔ කට අඩු කරගෙන තියෙනවා. අත්තිකාරමක් විදියට කොටි 2 ක් කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක රථ ගාලේදී ලබා ගනිද්දී තමයි ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

අත්අඩංගුවට ගත්ත නිලධාරීන් දෙදෙනාගේ සේවය වහාම අත්හිටුවන්න කියලා ජනාධිපතවරයා නියෝග කරලා තියෙනවා. ඒ වගේම පරීක්ෂණ කිසිම බලපෑමක් නැතුව සිදු කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post