News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

ඉන්දියාවේ රවිට විතරක් දෙවෙනි වුන, මේ සැරේ IPL පිටියට ගිය එකම ශ්‍රී ලාංකිකයා මෙන්න.

2325 Views


ඉන්දියාවේ රවිට විතරක් දෙවෙනි වුන, මේ සැරේ IPL පිටියට ගිය එකම ශ්‍රී ලාංකිකයා මෙන්න.

IPL තරඟාවලියේ මේ සැරේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. IPL පටන් ගත්ත කාලේ ඉඳන් හිටිය ලසිත් මාලිංගටත් මේ සැරේ IPL ක්‍රීඩා කරන්න අවස්තාව නැති වුණා. හැබැයි 2009 IPL පටන් ගත්ත දවසේ ඉඳන් නොකඩවා IPL වලට සහභාගී වුන ලාංකිකයෙක් ඉන්නවා.

ඒ තමයි කුමාර ධර්මසේන. මේ දක්වා IPL වල විනිසුරුවරයෙක් විදියට ඔහු කටයුතු කරනවා. ඒ වගේම IPL වල දෙවනියට වැඩිම තරඟ ගණනකට සහභාගී වුන විනිසුරුවරයා ඔහු. ඔහු මේ දක්වා IPL තරඟ 88 කට සහභාගී වෙලා තියෙනවා.

ඔහු දෙවෙනි වෙලා තියෙන්නේ තරඟ 91 කට සහභාගී වෙලා තියෙන ඉන්දියාවේ සුන්දරම් රවීට විතරයි.

S.Ravi (2009 – 2018) 91
Kumar Dharmasena (2009 – 2018) 88
Anil Chaudhry (2012 – 2018) 64
C.Shamsuddhin (2012 – 2018) 62
Marais Erasmus (2009 – 2018) 56
Simon Taufel (2009 – 2013) 55


News Articles
Latest Videos
Most Popular Post