News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

බඹරු ඇවිත් පාසලක් වැසෙයි.

1003 Views


බඹරු ඇවිත් පාසලක් වැසෙයි.

සාමාන්‍යයෙන් පාසල් යන්නේ ළමයි සහ ගුරුවරුනේ. හැබැයි ඊයේ වවුනියාවේ ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයට අමුත්තෝ වගයක් ආවා. මේ අමුත්තන් නිසා පාසල වහන්නත් සිද්ද්ග වුණා.

පැරකුම් විද්‍යාලයට මේ විදියට ආවේ බඹරු. පාසලෙම් බැඳලා තිබ්බ බඹර කූඩුවක් තමයි මේ විදියට ඇවිස්සිලා තියෙන්නේ බඹරුන්ගේ ප්‍රහාරයට ලක් වුන පාසල් සිසුවෙක් සහ ගුරුවරියක් රෝහල් ගත කරලා තියෙනවා. ගුරුවරියගේ තත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

බඹර කූඩුව ඇවිස්සුන නිසා පාසල තාවකාලිකව වසා දමලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියෙන් පාසල් සිසුන් පාසල අවට මාර්ගවල නොසන්සුන්කාරීව හැසිරිලා තියෙනවා. මිට කලිනුත් මේ බඹර කූඩුව ඇවිස්සිලා වාර විභාගයත් නතර කරලා තියෙනවා. හැබැයි තාමත් විදුහල්පතිතුමා ඇතුළු පරිපාලනය මේ බඹර කුඩුව ඉවත් කරන්න කටයුතු කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post