අද උදේ කිරිපිටි මිල වැඩි කරන්න ජිවන වියදම් කමිටුව අවසර දුන්නා. ඒ අනුව හෙට (05) ඉඳන් නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා විතරයි මෙම මිල ඉහළ දැමීම බලපාන්නේ.
මේ වෙද්දී වෙළඳපොලේ තියෙන කිරිපිටි වල මිල වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා කිරිපිටි පැකට් මිලදී ගනිද්දී නිෂ්පාදිත දිනය හොඳින් බලන්න. 2018.05.05 දින ඉඳන් නිෂ්පාදිත කිරිපිටි පැකට් වල විතරයි මේ මිල වැඩි වීම බලපාන්නේ.
ළදරු කිරිපිටිවල මිල ගණන් කිසිදු වෙනසක් වෙන්නේ නෑ. ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනවා.