ඉබ්බෙක් අහසින් ගිහින් වුන කරදරේ ගැන පොඩි කාලේ අහල ඇතිනේ. හැබැයි කිඹුල්ලු අහසින් ගිහින් වුන අකරතැබ්බයක් ගැන අහලා තියෙනවා? මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන.
පිඩාවට පත්වෙන විදියට ප්‍රවාහනය කල කිඹුලන් 50 ක් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. මැලේසියාවේ ඉඳන් කේම්බ්‍රිජ් වල පිහිටි සත්ව ගොවිපලකට තමයි මේ කිඹුලන් ගෙනත් තියෙන්නේ.
කිඹුලන් 20 ක් රදවන්න පුළුවන් බහාලුමක කිඹුලන් 50 ම රඳවාගෙන ඇවිත් තියෙනවා. අවුරුද්දක් විතර වයස කිඹුල් පැටව් තමයි මේ විදියට ප්‍රවාහනය කරලා තියෙන්නේ.