අමරණිය ප්‍රේමයේ ස්මාරකය විදියට හදුන්වන්නේ “ටාජ් මහල”. ෂා ජහාන් මෝගල් අධිරාජයා විසින් තමන්ගේ ආදරණීය දේවිය සිහිවෙන්න 17 වන ශතවර්ෂයේ දී තමයි ටාජ් මහල නිර්මාණය කරන්නේ.
කොහොම වුනත් මේ වෙද්දී ටාජ් මහලේ කහ පැහැ බිත්ති මේ වනවිට දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් තියෙනවා. පරිසර දූෂණය, ඉදිකිරීම් සහ කෘමි වසුරු අපද්‍රව්‍ය නිසා තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ.
ලෝක උරුමයක් වුන ටාජ් මහල රැකගන්න කියලා ඉන්දීය අධිකරණය පහුගිය දා එරට රජයට නියෝග කරා. “අවශ්‍ය විශේෂඥයන් සිටියදීත් ඔබ ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔබ නොසැලකිලිමත් ලෙසයි කටයුතු කරන්නේ,” කියලා ඉන්දීය අධිකරණය රජයට දෝෂාරෝපණය කරා.
ටාජ් මහල් මන්දිරයේ පවුරු විශේෂ මඩකින් නැහැවීම පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කරා. උසට බඳින ලද පලංචි මත නැගගත් කම්කරුවෝ, කිලුටු පැහැ අපද්‍රව්‍ය, තෙල් හෝ මේද සහිත ලිහිසි ද්‍රව්‍ය සහ සත්ව වසුරු ආදිය උරා ගනු ලබන ඉටි ද්‍රවයක් තාජ් මහලේ බිත්ති මත ආලේපනය කරනවා. ඊට පස්සේ ඒ ද්‍රව්‍ය හොදා හරින්න නියමිතයි.