News Line| Off Air
Generic placeholder image

May
6

සුපිරි නළු රැජිනි කාන්ත්ට බෝම්බ තර්ජන.

520 Views


සුපිරි නළු රැජිනි කාන්ත්ට බෝම්බ තර්ජන.

කොලිවුඩ් සිනමාවේ රජු තමයි රජිනි කාන්ත්. රඟපෑමෙන් ඈත් වෙලා ඉන්න රැජිනි කාන්ත් දැන් දේශපාලනයට ඇවිත් ඉන්නේ. ඒ නිසා මේ දවස්වල ඔහුට එන තර්ජන ගර්ජන වලින් අඩුවක් නෑ.

ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමති ඊ. පලනිස්වාමි සහ සුපිරි නළු රාජිනි කාන්ත්ගේ නිවසේ බෝම්බ අටවලා තියෙනවා කියලා කිසියම් පුද්ගලයෙක් තමිල්නාඩු පොලිසියට ඇමතුමක් දීලා තියෙනවා. මේ නිසා කලබල වුන තමිල්නාඩු පොලිසිය ඔවුන් දෙදෙනාගේ නිවෙස් පරික්ෂා කරා.

හැබැයි පස්සේ තහවුරු වුනේ මේ ඇමතුම බොරු එකක් කියලා. ඇමතුම දීපු පුද්ගලයත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. 21 හැවරිදි ඒ පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙනවා කියලයි හෙළිවෙලා තියෙන්නේ. 2013 දී ත් ඔහු මේ වගේ වැඩක් කරලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. කලින් සැරේ ඔහු කියලා තියෙන්නේ හිටපු මහා ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ නිවසේ බෝම්බයක් තියෙනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post