News Line| Off Air
Generic placeholder image

May
7

රට වටේ මැයි රැළි පැවැත් වෙන තැන් මෙන්න.

568 Views


රට වටේ මැයි රැළි පැවැත් වෙන තැන් මෙන්න.

පහුගිය මැයි 1 වෙනිදාට දීලා තිබ්බ ලෝක කම්කරු දිනය ලංකාවේ සමරන්නේ අද. පක්ෂ රැසක මැයි රැළි අද රට වටේම පවත් වෙනවා. කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය ඊයේ පැවැත් වුණා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදී. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වෙනවා. ‘ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය’ තේමා කරගනිමින් මෙවර ඔවුන් කම්කරු දින රැළිය පවත්වනවා.

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින සැමරුම් රැළිය අද පැවැත්වෙන්නේ ගාල්ල සමනල කි‍්‍රඩාංගනයේදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන් කම්කරු දින රැළිය පවත්වනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අද පැවැත්වෙන්නේ කොළඹ බී. ආර්. සී. පිටියේදී. පස්වරු 1.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් පෙළපාලිය ආරම්භ වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ “සමාජ සාධාරණත්වය සහ ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක්” තේමාව යටතේ සිය මැයි රැළිය පවත්වන්න නියමිතයි.

ජාතික හෙළ උරුමයද අද සිය කම්කරු දින සැමරුම කොළඹදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කරලා තියෙනවා. කම්කරු දිනය යෙදිලා තිබ්බ මැයි පළමුවනදා දේශපාලන පක්ෂ කිහිපයක් කම්කරු දින සැමරුම් පැවැත්වුවා.


News Articles
Latest Videos
Most Popular Post