උතුරු කොරියාවයි ඇමෙරිකාවයි කියන්නේ නයයි පොළගයි වගේනේ. කොයි වෙලෙත් මරා ගන්නමයි හදන්නේ. හැබැයි පහුගිය දවස් ටිකේ උතුරු කොරියාව නම් සද්ද වහලා හිටියේ.
දකුණු කොරියානු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුවෙන් පස්සේ ලෝක සාමය පිලිබඳ පණිවිඩයක් ලෝකය පුරාම පැතිර ගියා. කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් දෙරටේම අය ලොකු කැපකිරීම් කරා. විශේෂයෙන්ම උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දැමුවා.
තවත් සති කිහිපයකින් උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් පවත් වෙනවා. හැබැයි පහුගිය දවසක ඇමෙරිකාව කරපු ප්‍රකාශයක් නිසා උතුරු කොරියාවේ හිත රිදිලා තියෙනවා. උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික අවි බාර දෙන තෙක් සම්බාධක ඉවත් කරන්නේ නෑ කියලයි ඇමෙරිකාව කිව්වේ.
මේ කතාවට කේන්ති ගිය උතුරු කොරියාව නිවේදනය කරේ තමන් න්‍යෂ්ටික අවි ඉවත් කරේ ඇමෙරිකාවට බයේ නෙවෙයි කියලයි. ඒ වගේ කතා වලින් උතුරු කොරියාව ප්‍රකෝප කරන්න එපා කියලත් සඳහන් කරා.