News Line| Off Air
Generic placeholder image

May
7

මුම්බායි පිලේ අපලය අවසන්. සුපිරි Night Riders කණ්ඩායමට එරෙහිව පහසු ජයක්.

1096 Views


මුම්බායි පිලේ අපලය අවසන්. සුපිරි Night Riders කණ්ඩායමට එරෙහිව පහසු ජයක්.

Mumbai Indians සහ Kolkata Knight Riders කණ්ඩායම අතර තරඟයක් ඊයේ පැවැත්වුණා. පරාජයේ රැල්ලකට හසුවෙලා හිටිය මුම්බායි පිලට පහසු ජයක් ඒ තරඟයෙන් හිමි වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි පිතිකරුවන් ලකුණු 181 ක් රස කරා.

පළවෙනි කඩුල්ලට ලකුණු 91 ක සබඳතාවයක් යාදව් සහ ලෙවිස් ගොඩනැගුවා. ලෙවිස් ලකුණු 43 යි. යාදව් ලකුණු 59 යි. 4 පහර 7 කින් සහ 6 පහර 2 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. හාර්තික් පාණ්ඩ්යා නොදැවී ලකුණු 35 යි.

සුනිල් නරයින් සහ රසෙල් කඩුලු 2 බැගින් දවා ගත්තා. මුම්බායි පිලට ලකුණු 181 ලබා ගන්න කඩුලු 4 ක් වැය වුණා. ලකුණු 82 ක් හඹා ගිය කොල්කටා කණ්ඩායමේ පලවෙනි කඩුල්ල ලකුණු 28 කට බිඳ වැටුණා.

කණ්ඩායම ගොඩ ගන්න උත්සහා කල රොබින් උතප්පා ලකුණු 54 යි. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ 6 පහර 3 කින් වර්ණවත් වුණා. රානා ලකුණු 31 යි. නායක දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 36 යි.

පන්දුවාර 20 අවසන් වෙද්දී කොල්කටා පිතිකරුවන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 166 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 6 ක් බිඳ වැටුණා. හාර්තික් පාණ්ඩ්යා කඩුලු 2 යි. තරඟයේ වීරයා සම්මානය ලැබුනෙත් හාර්තික් පාණ්ඩ්යාට.


News Articles
Latest Videos
Most Popular Post