News Line| Off Air
Generic placeholder image

May
7

හැරී මේගන් රාජකීය විවාහයට ස්නයිපර් තර්ජන. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දැවැන්තම පොලිස් ආරක්ෂාව රාජකීය විවාහයට ලබා දෙයි.

919 Views


හැරී මේගන් රාජකීය විවාහයට ස්නයිපර් තර්ජන. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දැවැන්තම පොලිස් ආරක්ෂාව රාජකීය විවාහයට ලබා දෙයි.

හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ විවාහය තවත් නොබෝ දවසකින් සිදු වෙනවා. ලෝකයම බලාගෙන ඉන්න මේ විවාහයට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අඟවනවා.

විවාහයෙන් පස්සේ මනාල යුවළ විවෘත අශ්ව රථයකින් ගමන් කරන්න නියමිතයි. මේ විදියට අශ්ව රථයේ ගමන් කරද්දී වින්ඩෝසර් වීදියේදී ස්නයිපර් ප්‍රහාරයකට ලක්වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක ප්‍රධානින් සැක පල කරන්නේ.

විවාහයෙන් පස්සේ රාජකීය යුවළ සැතපුම් දෙකක් පමණ දුරක් මේ රථයෙන් ගමන් කරනවා. ඒ ගමනේදී සිය ගණනක් මහල් නිවාස, බැල්කනි සහ කඩ සාප්පු පහු කරගෙන යනවා. ඒ නිසා ස්නයිපර් ප්‍රහාරක් එල්ල කරන්න ඉතාම පහසුයි කියලා ආරක්ෂක ප්‍රධානින් පවසනවා.

ඒ වගේම හදිසියෙවත් වින්ඩෝසර් වීදියේදී ප්‍රහාරයක් එල්ල වුනොත් ඒක වළක්වන්න ඉතාම අපහසුයි කියලයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. මේ නිසා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උත්සවයක් වෙනුවෙන් යොදවන වැඩිම පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් විවාහ මංගල්‍යට යොදවන්න නියමිතයි.

පොලිස් නිලධාරීන් 3000 ක් හැරී කුමරුගේ විවාහ උත්සවයේ ආරක්ෂාවට යොදවන්න තීරණය කරලා තියෙනවා. ඒ ප්‍රමාණය 2005 දී චාල්ස් කුමරුගේ සහ කැමිලාගේ විවාහ උත්සවයට යොදන ලද පොලිස් නිලධාරීන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක්.

SAS සොල්දාදුවන් 40 ක්, ත්‍රස්ත විමර්ශන බලකායේ නිලධාරීන් සහ රාජකීය ආරක්ෂක බලකායේ නිලධාරීන් රාජකීය විවාහයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වීම වළක්වා ගන්න මේ වෙද්දීත් බ්‍රිතාන්‍යයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post