රුසියාවේ ජනාධිපති විදියට 4 වෙනි වරටත් අද ව්ලැද්මීර් පුටින් දිව්රුම් දුන්නා. පුටින් 4 වෙනි වරටත් රුසියාවේ ජනාධිපති වෙද්දී ඇමරිකාව නම් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඇමෙරිකාව තවත් සීතල යුද්ධයකට මුල පිරුවා.
ඇමෙරිකානු නාවික හමුදාව දෙවෙනි නාවික ප්‍රහාර බලඝණය අයෙත් පිහිටුවනු ලැබුවා. 2011 දී විසුරුවා හැරිය දෙවන නාවික බළඝණයට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප්‍රහාරක නෞකාවත් ඇතුලත්. රුසියාවෙන් එල්ල වෙන්න පුළුවන් හදිසි තත්වයකට මුහුණ දෙන්න මේ විදියට දෙවන නාවික බලඝණය සක්‍රීය කරා කියලා ඇමෙරිකාව ප්‍රකශ කරනවා.
දෙවන නාවික බලඝණය ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය සහ උතුරු අත්ලාන්තික් සාගර කලාපයේ ආරක්ෂාව බාරව කටයුතු කරන්න නියමිතයි. ඊට අමතරව නේටෝ මෙහෙයුම් සඳහාද අමතර පහසුකම් සපයන්න නියමිතයි.
ජාත්‍යන්තර විශ්ලේෂකයින් කියන්නේ පුටින් දිව්රුම් දීමත් එක්ක ඇමරිකාව යුධ ශක්තිය විදහා දැක්වීම එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. තුන්වන ලෝක යුද්ධයට මුලපිරීමක් වෙයි කියලත් ඔවුන් සඳහන් කරනවා.