“මාව අත්අඩංගුවට ගන්න” – නියෝජ්‍ය අැමති තෙවරප්පෙරුම උපවාසයක.
862 Views
සාමාන්‍යයෙන් අහලා දැකලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න එපා, නිදහස් කරන්න කියලා උපවාස කරනවානේ. හැබැයි කවදා හරි දැකලා තියෙනවද තමන්ව අත්අඩංගුවට ගන්න කියලා උපවාස කරනවා. එ්හෙම කරපු උපවාසයක් ගැන අපිට වාර්තා වුණා.
වෙන කොහේවත් නෙවෙයි ලංකාවෙන් තමයි මේ පුවත වාර්තා වෙන්නේ. උපවාස කිව්ව ගමන් මතකයට එන දේශපාලනඥයින්ගේ කෙනෙක් තමයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු තමයි මේ උපවාසය අාරම්භ කරලා තියෙන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මීට කලින් කරපු උපවාසයකට සම්බන්ධ වුන නිසා බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ වත්මන් විපක්ෂ නායකවරයා බුලත්සිංහල පොලීසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. එ් නිසා තමයි බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට නියෝජ්‍ය අමාත්‍යවරයා උපාවසයක් අාරම්භ කරලා තියෙන්නේ. උපවාසයට සම්බන්ධ වුන අයව අත්අඩංගුවට ගන්නවා නම් උපවාසය කරපු තමන්වත් අත්අඩංගුවට ගන්න කියලා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරේ.