Sunrisers Hyderabad සහ Royal Challengers Bangalore අතර තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 5 ක තියුණු ජයක් ලබා ගන්න සමත් වුණා. ඒ වීරත් කොලිගේ IPL සිහිනය බොඳ කරමින්.
මුලින්ම පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. ශිකර් ධවාන් ලකුණු 13 යි. හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු සංඛාවක් එකතු කරලා දුන්න විලියම්සන් ලකුණු 56 යි. ඒ 6 පහර 2 ක් සහ 4 පහර 5 ක් සමඟින්. ෂකිබ් අල් හසන් ලකුණු 35 යි.
පන්දුවාර 20 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 146 ක් රස කරන්න හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. සවුතී සහ මොහොමඩ් සිරාජ් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ලකුණු 147 ක ඉලක්කයක් බැංගලෝර් කණ්ඩායමට ලැබුණා. පටෙල් ලකුනු 0 යි. නායක විරාත් කෝලි ලකුණු 39 යි. මන්දීප් සිං ලකුණු 21 යි. ග්‍රෑන්ඩ්හොමී ලකුණු 33 යි. පන්දුවාර 20 අවසන් වෙද්දී බැංගලෝර් ක්‍රීඩකයින්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 141 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 6 ක් බිඳ වැටුණා.
ෂකිබ් කඩුලු 2 ක් දවා ගත්තා. සන්දීප්, කුමාර්, කෞල් සහ රෂිඩ් එක කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා කේන් විලියම්සන්.