News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

ත්‍රස්තවාදීන් දඩයම් කරන සුනඛ බළකායක් බ්‍රිතාන්‍ය රහසේම පුහුණු කරයි.

846 Views


ත්‍රස්තවාදීන් දඩයම් කරන සුනඛ බළකායක් බ්‍රිතාන්‍ය රහසේම පුහුණු කරයි.

බල්ලා කියන්නේ මිනිසාගේ හොඳම මිතුරානේ. දඩයම් යුගයේ ඉදන් අභ්‍යවකාශයට යනකන්ම මිනිසා එක්ක හිටියේ බල්ලා. බල්ලන් හමුදා සහ පොලිස් සේවයන්ට යොදා ගත්තේ අද ඊයේ නෙවෙයි.

බෝම්බ හොයන්න, මත්ද්‍රව්‍ය හොයන්න සහ සැකකරුවන් හඹා යන්න බල්ලන් පුරුදු කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි බ්‍රිතාන්‍ය පොලීසිය අලුත් වැඩකට ඇත ගහලා තියෙනවා. ඒ ත්‍රස්තවාදීන් හම්බගෙන ගිහින් දඩයම් කරන සුනඛ බලකායක් පුහුණු කරලා තියෙනවා.

Belgian Malinois කියන සුනඛ වර්ගය තමයි මේ බළකායට යොදාගෙන තියෙන්නේ. එක සුනඛ සොල්දාදුවෙක් වෙනුවෙන් පවුම් 500,000 ක් වියදම් කරනවා. මේ ව්‍යාපෘතියේ පලවෙනි අදියර විදියට Belgian Malinois සුනඛයින් දෙන්නෙක් පුහුණු කරලා තියෙනවා.

ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශ වලට ගුවනින් ගොඩ බැහැලා වෙදිඅ හඬ ඔස්සේ ගිහින් ත්‍රස්තවාදීන්ට පහර දෙන්න මේ සුනඛයින්ව පුහුණු කරලා තියෙනවා. මේ විදියට ගිහින් 3 වන ලෝක යුද්ධය බලු හමුදා අතර ඇති වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post