News Line| Off Air
Generic placeholder image

May
8

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට නොදුන්න අවස්ථාවක් තිසරට ICC යෙන් ලැබෙයි.

2128 Views


ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට නොදුන්න අවස්ථාවක් තිසරට ICC යෙන් ලැබෙයි.

තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ඉන්න දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ මේ තුන් ඉරියව් දස්කම් නිසාම ICC යෙන් ඔහුට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ ලෝක T20 කණ්ඩායමට ක්‍රීඩා කරන්න.

මැයි 31 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක තියෙන තරඟයකට තමයි තිසර ලෝක කණ්ඩායමට නම් කරලා තියෙන්නේ. තරඟය පවත් වෙන්නේ සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී. කරබියන් දූපත් හරහා හඹා ගිය දරුණු සුළි කුණාටුවෙන් අවතැන් වුන ජනතාවට ආධාර පිණිස තමයි මේ සුහද තරඟය පැවැත් වෙන්නේ.

ලෝක කණ්ඩායමට ඇතුලත් වුන එකම ක්‍රීඩකයා තිසර පෙරේරා. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීලා ඉන්න පාකිස්තානයේ ෂයිඩ් අෆ්රිඩි සහ නවසීලන්තයේ ලුක් රොන්චි සංචිතයට ඇතුලත් වෙලා ඉන්නවා.

ඒ වගේම ඉන්දියාව නියෝජනය කරමින් හාර්දික් පාණ්ඩ්‍ය සහ දිනේෂ් කාර්තික් තෝරාගෙන තියෙනවා. පකිස්ථානයෙන් ෂොයිබ් මලික් සහ බංගලාදේශයෙන් ෂකිබ් අල් හසන් හා තමීම් ඉක්බාල් සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ටද ලෝක කණ්ඩායමට වරම් හිමි වෙලා තියෙනවා. මේ කණ්ඩායමේ තවත් විශේෂත්වයක් තමයි ඕස්ට්‍රේලියාවේ හෝ දකුණු අප්‍රිකාවේ කිසිම ක්‍රීඩකයෙක් ලෝක කණ්ඩායමට තෝරාගෙන නෑ.


News Articles
Latest Videos
Most Popular Post