News Line| Off Air
Generic placeholder image

May
9

ලග්න 2 ක් ආහාර ගැනීමේදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

796 Views


ලග්න 2 ක් ආහාර ගැනීමේදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 මැයි මස 09 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.34 දක්වා 
සුභ දිශාව: උතුර  
අසුභ දිශාව: නිරිත  

මේෂ ලග්නය

වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                             ජය අංකය: 05

වෘෂභ ලග්නය

පෙර පින ඉස්මතු කරගැනීමේ වාසනාව පවතින දිනයකි. වැඩිහිටි ආශිර්වාදය අද දින ඔබට නොමදව ලැබෙන දිනයකි. අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන්ම සාර්ථක කරගත හැකි දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි.  ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                            ජය අංකය: 01

මිථුන ලග්නය

තරමක් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. කතාවේදී වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. සිතන පතන සෑම දෙයක්ම වඩාත් උනන්දුවෙන් කරන දිනයකි. ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න. නිසි සැලසුම් සහිතව සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කෙසේවුවත් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                         ජය අංකය: 07

කටක ලග්නය

ව්‍යාපාර කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් කාර්යබහුල විය හැකි දිනයකි. ඒ නිසාම මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් ඔබේ කායික ශක්තිය වඩාත් හොදින් පවතින දිනයකි. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                 ජය අංකය: 02

සිංහ ලග්නය

සතුරු කරදර පීඩා දුරුවන දිනයකි. ආහාර ගැනීමේ රටාවේ යම් ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. නියමිත වෙලාවට ආහාර ගන්න. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. සමාජයේ වැඩි ගෞරවයක් අපේක්ෂා කළහැකි දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය:  ලා කොළ පැහැය                                                 ජය අංකය: 07

කන්‍යා ලග්නය

උදෑසන කාලය තුල වැඩි ක්‍රියාශීලිත්වයක් පෙන්වන දිනයකි. නමුත් යම් යම් ගැටළුද නැතුවාම නොවෙයි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ඔබට බොහෝ ලාභ ලැබිය හැකිය. අන් අය අතර ප්‍රවේසමෙන් කටයුතු කරන්න. නමුත් කල්පනාකාරීව ,මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා දම් පැහැය                                                 ජය අංකය: 02

 

තුලා ලග්නය

නිවාස ආශ්‍රිත කටයුතු වලට වැඩියෙන් වෙහෙසෙන දිනයකි. කලා කටයුතු වලට යෝග්‍ය දිනයකි. සතුරු කරදර පිළිබඳව කල්පනාකාරී වන්න. ආමාශගත රෝග පීඩාද ඇතිවිය හැකි දිනයකි. ආහාර ගැනීමේදීද කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

කලා කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් විමසිලිමත් වන්න. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. අන් අයව මානව තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි.  ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැ                                               ජය අංකය: 08

 

ධනු ලග්නය

ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. තරමක කේන්ති සහගත සිතුවිලි ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න.  ඔබේ සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව ඔබ කටයුතු කළයුතු දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. සෞඛ්‍ය ගැන වෙනදට වඩා සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                             ජය අංකය: 03

 

මකර ලග්නය

තම මතය මතම පමණක් කටයුතු කරන දිනයක් විය හැකිය. එය ඔබට බොහෝ අවාසි ගෙනෙදෙන තත්වයක් පෙන්නුම් කරයි. තරමක කම්මැලි සහගත සිතුවිලි ඇතිවිය හැකි දිනයකි. එබැවින් අන් අය අතර ඔබ ප්‍රවේසම් වීමට වග බලාගත යුතු දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් ඉවසිල්ලෙන් කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                          ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

සතුරු පීඩා දුරුවන දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. බොහෝ ධනය උදාවන ඔබේ ආදායම් තත්වය වර්ධනය වන සුභ දිනයකි. නමුත් කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: කහ පැහැය                                                        ජය අංකය: 03

 

මීන ලග්නය

සිතුමෙත්ට කටයුතු කරන දිනයකි. සාර්ථකත්වය ඔබ සමග පවතින දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න.යහළුවන් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඉවසීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. සෞඛ්‍ය පීඩාද ඇතිවිය හැකි දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                   ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 676 53 53


News Articles
Latest Videos
Most Popular Post