News Line| Off Air
Generic placeholder image

May
9

සදීරගේ ප්‍රහාරයෙන් කොළඹ පරදා ගාල්ලට දැවැන්ත ජයක්.

1253 Views


සදීරගේ ප්‍රහාරයෙන් කොළඹ පරදා ගාල්ලට දැවැන්ත ජයක්.

ශ්‍රී ලංකා සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර. මේ තරඟයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දදුන්නේ ගාල්ල කණ්ඩායම. දෙවෙනි කඩුල්ලට ලකුණු 129 ක් දැවැන්ත සබඳතාවයක් රමිත් රඹුක්වැල්ල සහ සදීර සමරවික්‍රම ගොඩනැගුවා. රමිත් ලකුණු 87 යි. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ 6 පහර 6 කින් වර්ණවත් වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල සදීර ලකුණු 130 ක් ලබා ගත්තා. 4 පහර 11 කින් සහ දැවැන්ත 6 පහර 4 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

රොෂේන් සිල්වා ලකුණු 27 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල චතුරංග ද සිල්වා ලකුණු 57 යි. 4 පහර 3 ක් සහ 6 පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා. පන්දුවාර 50 අවසන් වෙද්දී ගාල්ල කණ්ඩායම දැවැන්ත ලකුණු 347 ක ලකුණු පුවරුවක් ලබාගෙන තිබ්බා. ඒ කඩුලු 7 ක් දැවී. ලක්ෂණ සඳකැන් කඩුලු 3 යි. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 යි.

දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු 2 කට බිඳ වැටුණා. ඊට පස්සේ පිටියේ එක වුන ෂෙහාන් ජයසූරිය සහ ළහිරු තිරිමාන්න ලකුණු 127 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. තිරිමාන්න ලකුණු 48 යි. ජයසූරිය ලකුණු 70 යි. 4 පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා.

හැබැයි වෙන කොළඹ කණ්ඩායමේ කිසිම පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ගාලු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. තික්ෂිල ලකුණු 21 යි. ලකුණු 200 ක් ලබාගෙන සිටියදී කොළඹ කණ්ඩායමේ සියලු දෙනාම දැවී ගියා. සුපිරි පන්දු යැවීමක නිරත වුන මිලින්ද පුෂ්පකුමාර කඩුලු 4 ක් දවා ගත්තා. සුරංග ලක්මාල්. දසුන් ශානක සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post