News Line| Off Air
Generic placeholder image

May
9

පන්ජාබ් යෝධයින් රාජස්ථාන් ලිලිපුට්ටන් ඉදිරියේ දණ නමයි.

578 Views


පන්ජාබ් යෝධයින් රාජස්ථාන් ලිලිපුට්ටන් ඉදිරියේ දණ නමයි.

Rajasthan Royals සහ Kings XI Punjab කණ්ඩායම් අතර තරඟයක් ඊයේ පැවැත්වුණා. සුපිරි පන්ජාබ් කණ්ඩායමට නොසිතු පරාජයක් ඇත කර දෙන්න රාජස්ථාන් ක්‍රීඩකයින් සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න රාජස්ථාන් කණ්ඩායම ලකුණු ලකුණු 158 ක් ලබා ගත්තා. බට්ලර් ලකුණු 82 යි. සංජු සැම්සන් ලකුණු 22 යි. ස්ටොක්ස් ලකුණු 14 යි. අනිත් කිසිම රාජස්ථාන් පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ.

ඇන්ඩෘ ටයි කඩුලු 4ක් දවා ගත්තා. මුජීබ් රහමන් කඩුලු 2 යි. ලකුණු 158 පන්ජාබ් ක්‍රීඩකයන්ට පහසු ඉලක්කයක් කියලයි විචාරකයින් කිව්වේ. හැබැයි ඒ කතාව බොරුවක් කරන්න රාජස්ථාන් පන්දු යවන්නන් සමත් වුණා.

ගේල් එක ලකුණකටත් අශ්වින් ලකුණු ලබා ගන්නත් කලින් දැවී ගියා. එක අන්තයක තනි වුන ලෝකෙශ්වර් රාහුල් හුදකලා සටනක් කරා. ඔහු නොදැවී ලකුණු 95 ක් ලබා ගත්තා. ඒ 4 පහර 11 ක් සහ 6 පහර 3 ක් සමඟින්. අනිත් කිසිම පන්ජාබ් පිත්ටිකරුවෙක්ට ලකුණු 10 සීමාව පහු කරන්න බැරි වුණා.

ගෝතම කඩුලු 2 ක් දවා ගත්තා. පන්දුවාර 20 අවසන් වෙද්දී පන්ජාබ් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 147 ක් විතරයි. තරඟයේ වීරයා ජෝස් බට්ලර්.


News Articles
Latest Videos
Most Popular Post