News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

තද වැස්සට ගාල්ල යට වෙයි. තවත් දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් අනතරු ඇඟවීම්.

1414 Views


තද වැස්සට ගාල්ල යට වෙයි. තවත් දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් අනතරු ඇඟවීම්.

ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව ගාල්ල, අම්බලන්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල, ආදි ප්‍රදේශ රැසකට අද උදේ වෙනකන් පැවතුනා. මේ නිසා බලපිටිය මාදු ගඟ අවට පාතමුල්ල, වැලිතර, වැල්ලබඩ, ස්ටේෂන් පාර් යන ප්‍රදේශවල නිවාස 15කට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වුණා.

ගංවතුර තත්ත්වයත් සමඟ මෙම ගම්මානවලට යාමට ඇති මාර්ග කිහිපයක්ද අවහිර වෙලා තියෙනවා. දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.

දිවයිනේ අනිත් පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි වෙනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post