ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පහුගිය දා ආන්දෝලනාත්මක තීරණයක් ගත්තා. ඒ ඉරානය සමඟ තිබ්බ න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කරන්න. මේ නිසා ලෝකයේ ගොඩක් රටවල් ඇමෙරිකාවට තමන්ගේ විරෝධය පළකරා.
විශේෂම දේ තමයි ඇමෙරිකාව එක්ක ඉතාම ළඟින් ආශ්‍රය කරන යුරෝපයත් දොස් පැවරුවා. එංගලන්තය සහ ජර්මනිය කිව්වේ ට්‍රම්ප්ගේ තීරණය ගැන කණගාටු වෙනවා කියලා. ඒ වගේම ප්‍රංශය සඳහන් කරේ ඇමෙරිකාව ලෝක පොලිස් නිලධාරියා නෙවෙයි කියලා.
මේ අතර ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කල හිටපු ජනාධිපති බැරක් ඔබාමාත් ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව කතා කරලා තිබ්බා.