ව්ලැද්මීර් පුටින් පහුගිය දා 4 වෙනි වරටත් රුසියාවේ ජනාධිපති විදියට දිවුරුම් දුන්නා. පුටින්ගේ මේ දිව්රුම් දීමේ උත්සවය දිහා ලෝකයම බලාගෙන හිටියා. දිවුරුම් දීමේ උත්සවයේ වැඩියෙන්ම අවධානයට ලක්වුන දෙයක් තමයි පුටින් ගමන් කල මෝටර් රථය.
පුටින්ගේ සිව්වෙනි ධූර කාලය වෙනුවෙන් තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලිමෝසීන් වර්ගයේ මේ මෝටර් රථය රුසියවේම නිෂ්පාදිත එකක්. මිට කලින් පුටින් ධූර කාල කිහිපයකදීම භාවිතා කලේ එකම මෝටර් රථය.
වෙඩි නොවදින් විදියට සකස් කරපු මේ මෝටර් රථයේ රහසිගත උපාංග රැසක් තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.