Google සමාගම කියන්නේ නවීන තාක්ෂණයේ දැවැන්තයා කිව්වොත් නිවැරදියි. ඉතින් Google ආයතනයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරිබාහිරව මෘදුකාංග නිපදවන්නන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශාලතම සමුළුව තමයි Google I/O Extended 2018 කියන්නේ. ශ්‍රී ලංකාවේ Google Developer Group Sri Lanka (GDG) එක්ක අත්වැල් බැඳගනිමින් තමයි ලංකාවේ මේ වැඩේ තිබ්බේ. මේ පාර සමුළුව ලංකාවේ තිබ්බේ 05 වෙනි පාරට.
ඉතින් ඊයේ දවසේ Google I/O Extended 2018 ප්‍රධාන සමුළුව තිබුනේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. ඒ අවස්ථාවේ එහේ සිද්ධ වෙන සමුළුවේ සජීව විකාශය හා එකතුවෙන්න, ලංකාවේඅයට අවස්ථාව ලැබුනා. මේ සමුළුවට ලංකාවෙන් සභාගිවෙන්න අවස්ථාව ලැබෙන්නේ ලංකාවේ ජංගම දුරකථන ජාල වලින් Register වුන සීමිත පිරිසකට විතරයි. එත් මේ සමුළුවේ කතාබහට ලක්වෙන ගොඩක් දේවල් Android දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්ට සහ Google යෙදුම් පාවිච්චි කරන වැදගත්. ඒ නිසා මේ සජීවී විකාශයේ Video එක අපි ඔබට ගෙනාවා. මේ තියෙන්නේ ඊයේ තිබුන Google I/O Extended 2018 සමුළුවේ සම්පුර්ණ Video එක.
https://youtu.be/QrER1gYpCBs