News Line| Off Air
Generic placeholder image

May
10

ලොවම බලා සිටි Android අලුත්ම සංස්කරණය නිකුත් වෙයි. Android P වල වෙනස් අත්දැකීම් මෙන්න.

1273 Views


ලොවම බලා සිටි Android අලුත්ම සංස්කරණය නිකුත් වෙයි. Android P වල වෙනස් අත්දැකීම් මෙන්න.

ලෝකේ පුරාම වැඩි දෙනෙක් පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය තමයි Android කියන්නේ. ඉතින් මේ Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 9.0 මේ වෙද්දි වෙද්දි නිකුත් කරලා තියෙනවා. පහුගිය දවසක තිබ්බ Google I/O Extended 2018 සමුළුවේදී තමයි මේ ගැන මුලින්ම Google සමාගමෙන් කිව්වේ.

ඉංග්‍රීසි හෝඩියෙ අකුරු පිළිවලට රස කැවිළි වර්ග වල නම්වලින් තමයි Android මෙහෙයුම් පද්දතියට නම ලැබුනේ.මේ තියෙන්නේ ඒ නම් ආපු විදිහ.

Android 9.0 ට කලින් තිබුනෙ Oreo Version එක නිසා Android 9.0 සඳහා “P” අකුරින් පටන් ගන්න රස කැවිළි වර්ගයක නමක් තමයි ලැබෙන්නෙ. කොහොම වුනත් ඒ නම දැන ගන්නනම් තව ටික දවසක් ඉවසන්න වෙනවා.

දැනට “Android P’’ කියලා අලුත්ම Version එක හඳුන්වලා දීලා තියෙනවා. Google සමාගම කියන්නේ මේ නිකුත් කරලා තියෙන Version එක Beta Version එකක්. Original Android පහසුකම් තියෙන පහත Mobile Phones වලට මේ Beta Version එකට Update කරගන්න පුළුවන්. Android “P” ට නියම නම ලැබුනට පස්සේ මේ Beta Version එක Original Version එකට Auto Update වෙනවා.

මේ තියෙන්නේ “Android P’’ වල තියෙන පහසුකම් දැක්වෙන Video එකක්.

https://youtu.be/uLABtpIIjIU


News Articles
Latest Videos
Most Popular Post