News Line| Off Air
Generic placeholder image

May
10

කොදෙව්වන් සමඟ සටනට සූදානම් කරන මුලික සංචිතය නම් කරයි.

2545 Views


කොදෙව්වන් සමඟ සටනට සූදානම් කරන මුලික සංචිතය නම් කරයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලිය ජුනි 6 වෙනිදා පැවැත් වෙනවා. තරඟ 3 කින් සමන්විත තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගන්න මූලික සංචිතයක් නම් කරලා තියෙනවා. ක්‍රීඩකයින් 21 දෙනෙක් මේ සංචිතයට ඇතුලත්.

අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ වැඩ පෙන්නපු වේග පන්දු යවන කසුන් රාජිත සහ නිසල තාරක මේ සංචිතයට ඇතුලත්. ඒ වගේම ආබාධයකට ලක් වෙලා ඉන්න දිමුත් කරුණාරත්න වෙනුවට මහේල උඩවත්ත නම් කරලා තියෙනවා. කොදෙව් සටනට යන අවසන් 15 දෙනා තීරණය කරන්නේ පල්ලෙකැලේ තියෙන පුහුණු සංචිතයෙන් පස්සේ.

මේ තියෙන්නේ පුහුණු සැසියට තෝරා ගත්ත 21 දෙනා.

දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, දසුන් ශානක, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සි, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, ෂෙහාන් මදුශංක, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, නිසල තාරක


News Articles
Latest Videos
Most Popular Post