Office ගිහිල්ලා, පාඩම් කරලා Stress වෙන ජීවිතේට පොඩි විවේකයක් ගන්න ඕනෑම වෙලාවක යන්න පුළුවන් තැනක් තමයි බුකිය. බුකියේ ඇඩ්මින්ලාට පින් සිද්ධ වෙන්න බුකිය වටේ රවුමක් ගහලා ලේත් පිරිසිදු කරගෙන, Stress එකත් නැති කර ගෙන එන්න පුළුවන්.
අවුරුද්ද පුරාම අපිව හිනස්සන බුකී ඇඩ්මින්ලා අලුත් වැඩක් කරන්න යනවා. ඒ තමයි “Facebook අපේ අවුරුදු” උළෙල. මැයි මාසේ මොන අවුරුදු උත්සවද කියලා ඔබට හිතෙයි. අප්‍රේල් මාසේ වෙසක් තිබ්බ එකේ මැයි මාසේ අවුරුදු උත්සවයක් තිබ්බට කමක් නැනේ ප්‍රෙන්.
මැයි මාසේ 13 වෙනි ඉරිදා තමයි මේ වැඩේ තියෙන්නේ. හරියටම තැන කියනවා නම් කිරුළපණ ගජබා ක්‍රීඩාංගනයේදී. වැඩේ ලොකුවටම සංවිධානය කරනවා කියලයි ඇඩ්මින්ලා ටික සියත 24 වෙත කිව්වේ. අවුරුදු කුමරා, අවුරුදු කුමරිය, කොට්ට පොරය, කනා මුට්ටි බිඳීම, ගෝනි රේස්, බිත්තර ඇල්ලීම, කඹ ඇදීම එක්ක අලුත්ම තරඟ ගොඩකුත් තියෙනවා.
දන්නවනේ ඉතින් අපේ බුකී ඇඩ්මින්ලාගේ වැඩ. අනිවාර්යෙන් හොඳට විනෝද වෙන්න පුළුවන් කියලා තවුසන් ෂුවර්. තරඟවලින් දිනන අයට profile එක පිරෙන්න තෑගි බෝගත් දෙනවා.
නගාරා සංගීත කණ්ඩායම සමඟ ජනප්‍රිය ගී තරු රැසකුත් “Facebook අපේ අවුරුදු” උළෙලට එනවා. ඉරාජ්, කයිසර්, රන්දීර්, රිද්ම, විරාජ් පෙරේරා, මංජුල පුෂ්පකුමාර එක්ක Funcky Dirt ලාත් එනවා.
ශ්‍රී ලංකා බුකී වාසීන්ගේ හදවත් දිනා ගත්ත අහවල් ෆන්, පැනියා, කස්සා, මහත්තයා, ලොකු Tolk, බ්‍රෝ, මිට කලින් දැකලා නෑ තමයි, ඇන්ටා, ඇඩ්‍රස් නෑ, දඩිබිඩියා, පොල් මුඩ්ඩා, හුටු හුටුවා, ගැන්ග්ස්ටර් රත්නේ, පෝන් හොරා, වෙබ් බුවා, චොර බුවා, යොන්ඩා, සිරියාවතී, හොර කොල්ලා, වාචලයා ඇතුළු බුකී ඇඩ්මින්ලා සෙට් එකම එදාට එනවා.
ආහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. “Facebook අපේ අවුරුදු” උළෙලට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ සියත FM සහ සියත TV. ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය සියත 24.
එදාටවත් බුකියට වෙලා Like, Comment, Share කර කර ඉන්නේ නැතුව බුකියෙන් එළියට එන්න. මොකද 13 වෙනි ඉරිදාට බුකිඑ සේරම ඉන්නේ “Facebook අපේ අවුරුදු” උත්සවයේ.