අද සෙම් රෝග තියෙන ලග්න 2 ක් පරිස්සම්වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
730 Views
අද 2018 මැයි මස 11 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.33 සිට දහවල් 12.06 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.39 සිට අලුයම 12.07 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ
මේෂ ලග්නය

සෞඛ්‍ය පීඩා ඇතිවන දිනයකි. හවුලේ කරන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. තාක්ෂණික වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09
වෘෂභ ලග්නය

උදරගත රෝගී තත්වයන් ඇතිවිය හැකි දින්යාකි. කායික ශක්තිය වර්ධනය වන සුභ දිනයකි. ඕනෑම වැඩක් පහසුවෙන් සාර්ථක කරගත හැකි දිනයකි. පොදු වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබට වඩාත් සුභ දිනයකි.ක්‍රීඩා කටයුතු වලින් වැඩි ජයක් ලබාගත හැකි දිනයකි. තරගකාරී කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට නම් ඉතාම සුභ දිනයක් ඔබට ලැබී ඇත. මහන්සියෙන් කටයුතු කරන්න. නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ඔබේ දූ දරුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු දිනයකි. පවුල් ජීවිතය වඩාත් සාර්ථක වන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03
කටක ලග්නය

නිවස ආශ්‍රිත වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. ඔබට ජයග්‍රහණ නොමදව අත්පත් කරගත හැකි දිනයකි. යාන ,වාහන මිලදී ගැනීම් ආදී දේවල් වලටද සුභ දිනයකි. සතුරු කරදර දුරුවන සුභ දිනයකි. ආදායම් මාර්ග වර්ධනය වන දිනයකි. වඩාත් කල්පනාකාරීව කෝපයෙන් තොරව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. සිතෙහි ශක්තියෙන් බොහෝ දේවල් දිනාගන්නා දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

සෙම් සහිත රෝග තිබෙනවානම් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ජලය ආශ්‍රිතව ප්‍රවේසම් වන්න. තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. විදෙස් සම්බන්ධතා ඇතිවන දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06
කන්‍යා ලග්නය

වචන භාවිතයෙන් තම රැකියා කටයුතු කරන අයට සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට තරමක බාධා ඇතිවන දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න.තම මිතුරන් අතරද ප්‍රවේසම් විය යුතු දිනයකි. හොදින් සිතා බලා කටයුතු කරන දිනයකි. ආයෝජන කටයුතු වලටද සුභ දිනයකි. කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් වැදගත්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

කායික ශක්තිය වර්ධනය වන සුභ දිනයකි. බොහොම ශක්තිමත් දිනයක් ඔබට උදා වී ඇත. රැකියා හා හවුල් ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. අන් අය අතර ඔබ ජනප්‍රිය වන දිනයක් වන අතර මිතුරන් නිසාම බොහෝ උදව් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

ඔබ අතගහන ඇතැම් කටයුතු වලට බාධා ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. නමුත් ඔබේ පෞරුෂය මෙන්ම සමාජ තත්වය වෙනදට වඩා උසස් වන දිනයකි. නමුත් බොරු චෝදනා උපහාස හමුවේ ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. ආර්ථික තත්වය තර කරගැනීමට ඔබ වෙහෙසෙන දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් තම ගෞරවය රැකෙන පරිදි වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
ධනු ලග්නය

සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආදායම් තත්වයද ඉහල යන දිනයක් වන අතර සිත සතුටින් දිනය ගත කල හැකිය. සෙම් සහිත රෝග වලින් නම් ඔබට පීඩා ඇතිවන දිනයකි. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. කලා කටයුතු ව්ලාටද සුභ දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 02
මකර ලග්නය

ඔබේ වැඩ කටයුතු වලට වාසනාවන්ත දිනයක් උදා වී ඇත. තම පෞරුෂය වර්ධනය වන දිනයකි. මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කෝපයෙන් යුතුව කටයුතු කළහැකි බැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට යෝග්‍ය දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06
කුම්භ ලග්නය

පෙර පීන ඉස්මතු වන දිනයක් වන අතර ඔබ සතුව පවතින ගුප්තමය හැකියාවන් වර්ධනය වන දිනයකි. ඔබේ පරිපාලනමය හැකියාව ඉතාම උසස් තත්වයක පවතින දිනයකි. වෙළදාම් කටයුතු වලටද යෝග්‍ය දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. සෞඛ්‍ය තත්වය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් වන්න.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 03
මීන ලග්නය

සිතෙහි සතුට තුල ඕනෑම කටයුත්තක් ඔබ සාර්ථක කරගන්න දිනයකි. සෙම් සහිත රෝග වලින් පීඩා ඇතිවිය හැකි දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. කායික හා මානසික තත්වය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි. තීන්දු තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සිහි කල්පනාවෙන් යුතුව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353