චොකලට් කියන්නේ ලොකු, පොඩි කවුරුත් කන්න කැමති රසවත් කෑමක්. ඒ වගේ චොකලට් කන්න ආස කෙනෙකුට චොකලට් පුරවපු බවුසරයක් වුනත් කන්න පුළුවන්. ඉතින් මේ විදිහට චොකලට් පුරවපු බවුසරයකට වුන අකරතැබ්බයක් පෝලන්තයෙන් වාර්තා වෙනවා.
පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළීල තියෙනවා. මේ අනතුර නිසා ටොන් 12 කට අධික ද්‍රව චොකලට් මාර්ගය පුරා ගලා ගහින්.
මේ අනතුර ගැන ඉක්මණින් ක්‍රියාත්මක වුන පොලීසිය, මාර්ගය තාවකාලිකව වසා දමා මාර්ගය යථා තත්වයට පත් කරල තියෙනවා. එත් යථාතත්වයට පත් කිරීමේ කණ්ඩායම් වලට උකු චොකලට් තවත් ඝණ වෙලා තිබීම නිසා මේ චොකලට් පාරෙන් ඉවත් කිරීමට ඉතා අපහසු වෙලා තියෙනවා.
ඒ මත ගමන් කළ ඉවත් කිරීමේ යන්ත්‍රය පවා වරෙක එරී ගොස් තියෙනවා. මේ නිසා අන්තිමට පාර සෝදා පිරීසිදු කරන්න අධිපීඩිත උණු ජලය භාවිතා කළා කියලයි පෝලන්තයෙන් වාර්තා වෙන්නේ. මේ අනතුර නිසා චොකලට් බවුසරයේ රියදුරුගේ අතක් බිදී ගිහින් තියෙනවා.