News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

රිශාභ් පාන්ට්ගේ සුපිරි ශතකය ධාවන් සහ විලියම්සන්ගේ සබඳතාවයට යට වෙයි.

637 Views


රිශාභ් පාන්ට්ගේ සුපිරි ශතකය ධාවන් සහ විලියම්සන්ගේ සබඳතාවයට යට වෙයි.

Delhi Daredevils සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර තරඟයක් ඊයේ පවත් වුණා. ඒ තරඟයෙන් කඩුලු 9 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්නේ දිල්ලි ක්‍රීඩකයින්. පටෙල් ලකුණු 24 යි. සියලුම දිල්ලි ක්‍රීඩකයින් එකා පිට එකා දැවී යද්දී පාන්ට් වේගවත් ශතකයක් සමගින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කලා. ඔහු නොදැවී ලකුණු 128 ක් රැස් කරා. 4 පහර 15 කින් සහ 6 පහර 7 කින් පාන්ට්ගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දුවාර 20 අවසන් වෙද්දී දිල්ලි කණ්ඩායම ලකුණු 187 ක් රස කර ගත්තා. ඒ කඩුලු 5 ක් දැවී. ෂකිබ් අල් හසන් කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල හයිද්‍රාබාද් කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු 15 වේදී දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක් වුන ධවාන් සහ විලියම්සන් සුපිරි සබඳතාවයකින් කණ්ඩායම ජයග්‍රහණයට ගෙන ගියා. දෙවෙනි කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 176 ක් නොබිඳුණු සබඳතාවක් ගොඩ නැගුවා. විලියම්සන් නොදැවී ලකුණු 83 යි. ධවාන් නොදැවී ලකුණු 91 යි. ඒ 4 පහර 9 ක් සහ 6 පහර 4 ක් සමඟ.

තරඟය අවසන් වෙන්න පන්දුවාරයක් සහ පන්දුවක් ඉතිරි වෙලා තියෙද්දී හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒ සඳහා ඔවුන්ට වැය වුණේ එක කඩුල්ලක් පමණයි. තරඟයේ වීරයා ශිකර් ධවාන්.


News Articles
Latest Videos
Most Popular Post