News Line| Off Air
Generic placeholder image

May
11

“මහේල ජයවර්ධන ලෝකයේ හොඳම පුහුණුකරුවා” – මුම්බායි පිලේ අයිතිකරුගේ බිරිඳ කියයි.

1114 Views


“මහේල ජයවර්ධන ලෝකයේ හොඳම පුහුණුකරුවා” – මුම්බායි පිලේ අයිතිකරුගේ බිරිඳ කියයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. මේ සැරේ IPL තරඟාවලියේ මුල් තරඟ පැරදුනත් අන්තිමට තිබ්බ තරඟ 3 ම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න මුම්බායි පිලට පුළුවන් වුණා.

කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පස්සේ පිටිය මැදට ආව නීටා අම්බානි ක්‍රීඩකයින්ට සුභ පැතුවා. ඒ වෙලාවේ නීටා අම්බානි කිව්වේ මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා කියලා. ඒ වගේම මුම්බායි නායක රෝහිත් ෂර්මා ලොව හොඳම සහ නිරහංකාරම නායකයා කියලත් ඇය කිව්වා,

මුම්බායි කණ්ඩායම අයිති ඉන්දියාවේ ලොකුම ධනවතා වන මුකේෂ් අම්බානිට. ඔහු ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයාත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post