News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

කින්ග්ස් XI කණ්ඩායමේ ඉන්දීයාවේ සුපිරි ක්‍රීඩකයාව ප්‍රීති සින්තා එළවා දමයි.

5619 Views


කින්ග්ස් XI කණ්ඩායමේ ඉන්දීයාවේ සුපිරි ක්‍රීඩකයාව ප්‍රීති සින්තා එළවා දමයි.

මෙවර IPL තරඟාවලියේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමක් තමයි කින්ග්ස් XI කණ්ඩායම. හැබැයි ඔවුන් අන්තිමට ක්‍රීඩා කරපු තරඟ 5 න් 3 ක්ම පරාජය වුණා. පහුගිය දා දුර්වල රාජස්ථාන් කණ්ඩායම එක්ක තිබ්බ තරඟයත් ඔවුන් ලකුණු 15 කින් පැරදුණා. මේ නිසා කණ්ඩායම අයිති සුරූපි බොලිවුඩ් නිළි ප්‍රීති සින්තාට හොඳටම තරහා ගිහින්. කණ්ඩායම පැරදුණාට අල්ලගෙන තියෙන්නේ කින්ග්ස් XI කණ්ඩායමේ උපදේශක හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග්ව.

කණ්ඩායම පරාජය වුනාට ෂෙවාග් වග කියන්න ඕන කියලා ප්‍රීති සින්තා චෝදනා කරලා. මේකට දෙන්නා අතර බහින් බස්වීමක් අැති වෙලා තියෙනවා. ප්‍රීති සින්තාගේ මේ චෝදනාව ෂෙවාග් ප්‍රතික්ෂේප කරලා. හැබැයි ප්‍රීති සින්තා දිගටම ෂෙවාග්ට බැනගෙන ගිහින්.

 


News Articles
Latest Videos
Most Popular Post