අද ලග්න 2 කට තැන්පත් ධනය වැය වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
711 Views
අද 2018 මැයි මස 12 වන සෙනසුරාදා
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.00 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.12 සිට 10.39 දක්වා
සුභ දිශාව: උතුර
අසුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක වන දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන සතුරු කරදර දුරුවන දිනයකි. උසස්වීම්, නව ආදායම් මාර්ග ලැබෙන දිනයකි. පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවස්තාව ලැබෙන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 07
වෘෂභ ලග්නය

යහපත් දිනයකි. ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්. දිනය සතුටින් ගතකළ හැකිය. ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ පාලනය කරගත යුතු දිනයකි. තැනට සුදුසු තීරණ ගතයුතු දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01
මිථුන ලග්නය

තැන්පත් ධනය වැය විය හැකි දිනයකි. විනෝදයට හා කැපී පෙනීමට වැඩි උනන්දුවක් දක්වන දිනයකි. සියලු බාධක යටපත් කරගෙන ඔබේ ව්‍යාපාර හා වෙළඳාම් වැඩ කටයුතු සාර්ථක කරගෙනීමේ හැකියාව පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර වලින්ද වැඩි ලාභ ලබාගත හැකි ආර්ථික ශක්තිය නොමදව ලැබෙන දිනයකි. නමුත් වියදම් ගැනද වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 02
කටක ලග්නය

පාලනයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබේ තරාතිරම අනුව දිනය සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයකි. අරපිරිමැස්මෙන් කටයුතු කල යුතුයි. නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 03
සිංහ ලග්නය

ඔබේ වැඩ කටයුතු සාර්ථක කරදෙන දිනයකි. නමුත් ඔබේ වියදම් පිළිබඳව සැළකිලිමත් විය යුතු දිනයකි. අනවශ්‍ය දේ ඉවතලා කටයුතු කරන්න. වඩාත් ඔබ ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු දිනයකි. තම දෙමාපියන්ට යුතුකම් ඉටු කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. විදෙස් ගමන් බිමන් වලට අවශ්‍ය දේවල් සැකසෙන දිනයකි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 05
කන්‍යා ලග්නය

යහපත් අයුරින් ගත කරන දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. රෝග පීඩා ඇතිවීමේ ඉඩකඩ පවතියි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ ලැබිය හැකි දිනයකි. කායික සුවතාවයක් ලැබෙන දිනයකි. අසනීප තත්වයන් දුරුව යන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. සෞඛ්‍ය පිළිබඳවද සැළකිලිමත් විය යුතු දිනයකි. අන් අය අතර ප්‍රශංසාවට ලක්වන දිනයකි. නිසි වෙලාවට ආහාර ගැනීමට යොමුවන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

නිහතමානිව කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. යහපත්ව ඔබ ක්‍රියා කරනවානම් අනිවාර්යෙන්ම ඔබේ වැඩ කටයුතු වල සාර්ථකත්වයක් දැකිය හැකි දිනයකි. එමෙන්ම අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න. ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. දෙමාපිය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

කතාවේදී ඔබ ආවේගශීලී විය හැකිය. එබැවින් ඔබ ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ආවේගශීලී ගති ලක්ෂණ ඔබ අනිවාර්යෙන්ම පාලනය කරගත යුතු දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. තැන්පත් ධනයද වියදම් වන දිනයකි. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 03
මකර ලග්නය

ඔබ තුල වෙනසක් ඇතිවිය හැකි දිනයකි. නව ව්‍යාපාර මාර්ග, නව රැකියා මෙන්ම නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. මුදල් භාවිතයේදී නම් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. යම් යම් දේවල් වලදී නියත ජය ලැබිය හැකි දිනයකි. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

විදෙස් ගනුදෙනු කරන අයට ඉතාම යහපත් දිනයකි. ඔබේ බොහෝ අරමුණු හා බලාපොරොත්තුද සාක්ෂාත් කරගැනීමට හැකිවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. නමුත් තීරණ ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ආහාර පාන ගැනීමේදී නම් වඩාත් කල්පනාකාරී විය යුතුයි. දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

පැවතී බාධක ඉවත්ව යන සුභ දිනයක් ඔබට උදා වී ඇත. ඔබේ ආදායම් තත්වය යහපත් වන දිනයකි. නමුත් වියදම් තත්වයද ඉහල යන දිනයකි. නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. ඔබ ලඟට බොහෝ අය ඔබව සොයා එන දිනයකි. නොසිතූ ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන: 0777 44 86 44