News Line| Off Air
Generic placeholder image

May
12

“මුලින්ම මේක Share කරපු පුද්ගලයා නම් මම දන්නවා. ඔහු අසහනකාරයෙක්. නිළියන්ට ගායිකාවන්ට ඇළුම්කරන” – සඳුන් පෙරේරා මැරුණු කතාව ගැන මුල් වරට මාධ්‍යට හෙළි කරයි…

987 Views


“මුලින්ම මේක Share කරපු පුද්ගලයා නම් මම දන්නවා. ඔහු අසහනකාරයෙක්. නිළියන්ට ගායිකාවන්ට ඇළුම්කරන” – සඳුන් පෙරේරා මැරුණු කතාව ගැන මුල් වරට මාධ්‍යට හෙළි කරයි…

පසුගිය දවසක මුහුණු ‍පොත කළඹමින් සඳුන් පෙරේරා මිය ගිය බවට පුවතක් පැතිරී ගියා. මිනී පෙට්ටියක තබන ලද ඔහුට සමාන ඡායාරූපයක් පවා එම පුවත සමග පළවීම නිසා මේ ගැන බොහෝ දෙනෙක් අපෙනුත් විමසීම් කරන්නට පටන් ගත්තා. නමුත් සඳුන් හොඳින් ජීවත්ව සිටිනා බව අපි දැන සිටි නිසා මෙබඳු අසත්‍ය පුවතක් නිර්මාණය වුණේ කෙලෙස දැයි අසන්නට අපි ඔහුට කතා කළා.

“මේ දවස්වල මගේ මරණේ ගැන අහලා දිගට හරහට කෝල්ස් එනවා…”

සඳුන් කතාව පටන් ගත්තේ එහෙමයි.

“මට දැන් වයස 24යි. දැනට ගීත 5ක් ගායනා කරලා තියෙනවා. ඒ ගීතවලට මමවත් බලා‍පොරොත්තු නොවූ ජනප්‍රියත්වයක් ලැබුණා. අදත් මම නාත්තන්ඩිය, දෙල්තොට, රත්නපුර, හඳපාන්ගොඩ, පිළියන්දල කියන ප්‍රදේශවල පැවැත්වෙන සංගීත ප්‍රසංග පහකට යා යුතුයි. මේ දේවල් මම ලබාගත්තේ ගොඩක් දුක් විඳලා. ඒ හින්දා ඔය වගේ දේවල්වලින් මම සැලෙන්නේ නැහැ. ඒත් මට තියෙන එකම දුක ජනප්‍රියත්වය වැඩි කරගන්න වුවමනාවට මමම මේ post එක හදලා Share කළාද කියලා යම් යම් අය මගෙන් විමසන විට. මට ඒ වගේ දේවල් කරන්න වෙලාවකුත් නැහැ. ඒ වගේ පහත් මානසිකත්වයකුත් නැහැ.

එහෙම නම් මේ සිදුවීමේ අග මුල හොයලා මාධ්‍යයට හෙළිදරව් කරන එක තමයි සඳුන් මේ මොහොතේ කළ යුත්තේ ? අපි ඔය විදිහට සඳුන්ගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තා.

මේක කාගේ වැඩක්ද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මුලින්ම මේක Share කරපු පුද්ගලයා නම් මම දන්නවා. ඔහු අසහනකාරයෙක්. නිළියන්ට ගායිකාවන්ට ඇළුම්කරන, ඒ අයගේ ඡායාරූප තමන්ගේ facebook එකේ පළකරන කෙනෙක්. ඔහු නළුවන්ට ගායකයන්ට මීට කලිනුත් මේ වගේ post හදලා දාලා තියෙනවා. කරන්න වැඩක් නැතුව අතින් මේවාවලට වියදම් කරගෙන facebook එකේ වීරයෙක් වෙන්න හදන, මුණ ගැහිලා හයියෙන් කතා කළාම කලිසමේ මුත්‍රා යන කෙනෙක් තමයි ඔහු. මේ වෙලාවේ මම ඔහුගේ නම ඔයාට කියලා පත්තරේ පළකළොත් ඒක එයාට ලොකු වීරකමක් වෙයි. තමන්ගේ නම ජාතික පුවත්පතක පළවුණා කියලා ආඩම්බරෙන් මේ Paper Article එක fb එකේ share කරන්නත් බැරි නැහැ. ඒ හින්දයි මම ඒ නම නොකියන්නේ.

සඳුන්ගේ නිහැඩියාව ඔහුට අනුබලයක් වුණොත් ?

ඔහු එක්කෙනෙක් විතරයි. ඔය වගේ අය සිය දහස් ගණනක් ඉන්නවා. විකෘති post හදලා දාන අයට දඬුවම් කරන්න ගියොත් මට අනිත් වැඩ කරන්න වෙලාවක් නැති වෙයි. ඔය වගේ අය ඔහොම කරන්නේ අසහනය සංසිඳවා ගන්න. හැබැයි ඔයිටත් වඩා භයානක පිරිසක් facebook එකේ ඉන්නවා. ඒ තමයි ජනප්‍රිය නළුවන්ගේ, ගායකයන්ගේ නමින් පෙනී සිටින අය. ඒ විදිහට මගේ නමින් හදපු හොර ‍ප්‍රොෆයිල් 1000කට වඩා දැනට තියෙනවා. ඒ අය ගෑනු ළමයින්ට චැට් කරලා කලාවට එන්න අවස්ථා දෙනවා කියලා මුලා කරපු අවස්ථා. සල්ලි ගත්තු අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

සඳුන්ටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවාද? කැමතිද ඒ ගැන තව ටිකක් කියන්න ?

ඈත ගමක ඉන්න, එතරම් දැන උගත්කමක් නැති ඉතාම අඩු වයසින් මවක් වූ ගෑනු ළමයෙක් මගේ තදබල රසිකාවියක් වෙලා තියෙනවා. ඇය මගේ නමින් පෙනී සිටින මේ වගේ facebook හොරෙක් එක්ක දිගට හරහට චැට් කරලා. ඇය දරුවට කියලා තියෙන්නේ දරුවගේ තාත්තා සඳුන් පෙරේරා කියලා. අර මනුස්සයත් හරි කරුණාවන්ත විදියට දරුවයි අම්මයි එක්ක කතා බහ කරලා. අන්තිමට ඒ පුංචි දරුවගේ මානසික තත්ත්වය ගැන හිතලා දරුවයි අම්මවයි භාර ගන්න කියන්න ඒ ගෑනු ළමයගේ අක්කලා මාව හොයාගෙන ආවට පස්සේ තමයි ඇත්ත නැත්ත හෙළිවුණේ.

මේ වගේ දේවල්වලදීත් ඔබ නිහඬව ඉන්නවාද?

නැහැ. මම මේ වෙද්දී මගේ නමින් facebook පවත්වාගෙන යන කිහිප දෙනෙකුගේ තොරතුරු හොයාගෙන ඉන්නේ. ඉදිරියේදී ‍පොලීසියත් එක්ක ඒ අය හමුවන්න යනවා. ඒ ගිහින් එයාලව ‍පොලීසියට අල්ලලා දීලා ඒවා video කරලා ඒ video අන්තර්ජාලයට දානවා. එතකොටත් මේ වගේ වැඩ කරන අනෙක් අයත් නිහඬ වෙයි.

සිත් කලකිරවන මෙබඳු අත්දැකීම් තිබුණත් සඳුන්ට විශේෂම කෙනා ළං කළෙත් facebook නේද?

(හිනැහී) ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි සිංහල වෛද්‍යවරියක්. මට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ හින්දම මං විදියට පෙනී සිටින facebook හොරෙක් එක්ක මුලින්ම චැට් කරලා. කොහොම හරි අහම්බෙන් වගේ ඇය මට හමුවුණේ fb වලින්ම තමයි. අර සිදුවූ වැරදීම නිවැරදි වෙලා පසුව ඇය මගේ මිතුරියක් වුණා. දැන් ඒ මිත්‍රත්වය දුර ගිහින්. ළඟදීම ඇය මගේ බිරිඳ බවට පත් වේවි. මාව මරලා දාපු facebook එකම තමයි මට ජීවිතය දුන්නෙත්.

උපුටා ගැනීමකි – ලක්බිම පුවත්පත (රිද්ම අතිරේකය)


News Articles
Latest Videos
Most Popular Post