2018 IPL තරඟාවලිය මේ වෙද්දී අඩකටත් වඩා අවසන් වෙලා තියෙන්නේ. පන්දුවෙන්, පිත්තෙන් වගේම පන්දු රැකීමෙන් සුපිරි දක්ෂතා රැසක් මේ වෙද්දීත් ඔබට බලා ගන්න පුළුවන් වුණා. මේ වෙද්දී IPL තරඟාවලියේ දස්කම් පෙන්නපු ක්‍රීඩකයින් ගැනයි මේ කියන්න යන්නේ.
IPL තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාට දෙන Orange Cap එක මේ වෙද්දී තියෙන්නේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ රිෂාඩ් පාන්ට් ළඟ. තරඟ 12 ඔහු ලකුණු 582 ක් ලබා ගෙන තියෙනවා. ලකුණු 537 ක් ලබා ගෙන ඉන්න කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ ලෝකේශ් රාහුල් දෙවෙනි ස්ථානය දිනා ගෙන තියෙනවා. කොහොම වුනත් සුපිරි ක්‍රීඩක විරාට් කෝලිට හිමි වෙලා තියෙන්නේ 3 වෙනි තැන. ඔහු ලකුණු 466 ක් ලබා ගෙන ඉන්නවා.
2018 IPL තරඟාවලියේ ඉහළම ඉනිම මේ වෙද්දී වාර්තා කරලා තියෙන්නේ රිෂාඩ් පාන්ට්. ඔහු නොදැවී ලකුණු 128 ක් ලබා ගෙන තියෙනවා. ඒ පන්දු 63 කදී. පන්දු 56 කදී ලකුණු 106 ක් ලබා ගෙන් තියෙන ෂේන් වොට්සන් දෙවෙනි තැන හිමි කර ගෙන තියෙනවා. ක්‍රිස් ගේල් තුන්වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු නොදැවී ලකුණු 104 ක් ලබා ගෙන තියෙනවා.
මේ වෙද්දී IPL තරඟාවලියේ වැඩිම 6 පහර සංඛාවක් එල්ල කරලා තියෙන්නේත් රිෂාඩ් පාන්ට්. ඔහු 6 පහර 31 ක් තරඟ 12 කදී එල්ල කරලා තියෙනවා. ඒ.බී. ඩිවිලියස් 6 පහර 29 ක් එල්ල කරලා දෙවෙනි ස්ථානය ලබා ගෙන තියෙනවා. 6 පහර 28 ක් එල්ල කල ක්‍රිස් ගේල් තුන්වෙනි තැන රැඳී ඉන්නවා.
IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට දෙන Purple Cap එක මේ වෙද්දී තියෙන්නේ ඇන්ඩෘ ටයි කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ ඇන්ඩෘ ටයි ළග. ඔහු තරඟ 11 කදී කඩුලු 20 ක් දවා ගෙන තියෙනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හාර්තික් පාණ්ඩ්‍ය දෙවෙනි තැන හිමි කර ගෙන තියෙනවා. ඔහු තරඟ 10 කදී කඩුලු 16 ක් ලබා ගෙන තියෙනවා. ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 15 ක් දවා ගෙන තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.
2018 IPL තරඟාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ අන්කිත් රාජ්පුත්. ඔහු ලකුණු 14 ට කඩුලු 5 ක් දවාගෙන තියෙනවා. ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගත්ත මයාන්ක් එම ලයිස්තුවේ දෙවෙනි තැන හිමි කර ගෙන තියෙනවා. තුන්වෙනි හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ඇන්ඩෘ ටයි. ඔහු ලකුණු 34 කට කඩුලු 4ක් දව ගෙන තියෙනවා,