News Line| Off Air
Generic placeholder image

May
13

“බස් ගාස්තු 20% වැඩි කරන්න. ඉල්ලීම් නොලැබුනොත් 16 ඉදන් වැඩවර්ජනය කරනවා.” – පෞද්ගලික බස් සංගම් කියයි.

554 Views


“බස් ගාස්තු 20% වැඩි කරන්න. ඉල්ලීම් නොලැබුනොත් 16 ඉදන් වැඩවර්ජනය කරනවා.” – පෞද්ගලික බස් සංගම් කියයි.

පහුගිය දා ලංකාවේ ඉන්ධන මිල වැඩි වුණා. මේ නිසා ඉන්ධන භාවිත කරන කර්මාන්ත කිහිපයකටම ලොකු බලපෑමක් ඇති වුණා. ඉන්ධන මිල වැඩි වීම වැඩියෙන්ම බලපෑවේ ත්‍රිරෝද රථකරුවන්ට සහ බස් කර්මාන්තයට.

තිරෝද රථ හිමියන් නම් ඔවුන්ගේ ගාස්තු ඉහළ දැම්මා. ඒ කිලෝමීටරයක් රුපියල් 10 කින්. බස් රථ හිමියන්ගේ සංගමයත් අද බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලුවා. 20% ක මිල වැඩි කිරීමක් ඕන කියලයි ඔවුන් කියන්නේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 15 ක් වෙනවා.

තමන්ගේ ඉල්ලීම් නොලැබුනොත් 16 වෙනිදා ඉදන් බස් රථ ධාවනයෙන් ඉවත් වෙනවා කියලා සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post