News Line| Off Air
Generic placeholder image

May
13

ලෝකෙටම පේන්න න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පුපුරුවා හරින්න උතුරු කොරියාව තීරණය කරයි.

990 Views


ලෝකෙටම පේන්න න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පුපුරුවා හරින්න උතුරු කොරියාව තීරණය කරයි.

පහුගිය කාලයේ ලෝක සාමයට ලොකු තර්ජනයක් එල්ල වුන තැනක් තමයි උතුරු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය. හැබැයි මේ වෙද්දී සාමයේ මාවත ඇවිල්ල ඉන්න උතුරු කොරියානු නායකයා ඒ සියල්ල අතහරින්න තීරණය කරලා තියෙනවා.

දකුණු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුවෙන් පස්සේ කිම් ජෝන් අන් කිව්වේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවත්වනවා කියලා. කිව්වා වගේම ඔහු සියලුම න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවැත්තුවා. තවත් ඓතිහාසික හමුවක් ළඟම තියාගෙන කිම් ජෝන් අන් ආන්දෝලනාත්මක වැඩක් කරන්න යනවා.

ඒ උතුරු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය සහ උමං මාර්ගය පුපුරුවා හරින්න. ඇමෙරිකානු ජනාධිපති සහ උතුරු කොරියානු නායකයාගේ හමුව පවත් වන්න දින කිහිපයක් තියාගෙන තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඇමෙරිකා, බ්‍රිතාන්‍ය, රුසියා, චීන සහ දකුණු කොරියාවේ මාධ්‍යවේදීන් ඉස්සරහා තමයි උතරු කොරියාව මේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය විනාශ කරන්න හදන්නේ.

මැයි මාසේ 23 වෙනිදා මේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය ආරක්ෂාකාරීව පුපුරුවා හරින්න නියමිතයි. උතුර කොරියාවේ මේ තීරණය ගැන ඇමෙරික ජනපති ඩොනල් ට්‍රම්ප් සතුට පළ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post