අලුත් කැබිනට් එකේ අැමතිවරුන්ගේ විෂය පථ ගැසට් කරලා තියෙනවා. මෙච්චර කාලයක් එහෙන් මෙහෙන් ගලවලා එක එක අමාත්‍යංශ වලට දීලා තිබ්බ අායතන රැසක් ගැළපෙන අමාත්‍යංශය තෝරලා ගැසට් කරලා තිබ්බා.
අැමතිවරු 4 දෙනෙක් යටතේ තිබ්බ අායතන 13 ක් විජයදාස රාජපක්ෂ මහතා දිව්රුම් දුන්න උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයට පවරලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් අායතන 9 ක්, එස්.බී. නාවින්න මහතාගේ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යංශයෙන් අායතන 2 ක්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් එක අායතනයකුත් වගේම මලික් සමරවික්‍රම මහතාගේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ තිබ්බ එක අමාත්‍යංශයකුත් විජේදාස මහතාට පවරලා තියෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබ්බ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන අමාත්‍යංශයට පවරලා තියෙනවා. ජාතික ප්‍රතිපත්ති හා අාර්ථික කටයුතු අමාත්‍යංශයට අයිති වෙලා තිබ්බ ප්‍රතිපත්ති අධ්‍යයන අායතන ඉවත් කරලා තියෙනවා. සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍යංශය යටතේ තිබ්බ විෂයන් අමාත්‍යංශ දෙකක් යටතේ ගැසට් කරලා තියෙනවා.
එ් අනුව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතට දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුව, ජාතික සමාජ සංවර්ධන අායතනය, ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ අායතන සහ සමාජ අාරක්ෂණ මණ්ඩලය ගැසට් කරලා තියෙනවා. සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට අලුතින් වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, අාබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය හා අබාධිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව පත් කරලා තියෙනවා.
හිඟුරාන සීනි කර්මාන්ත සමගම, ලංකා සීනි පෞද්ගලික සමාගම හා ජාතික කඩදාසි සංස්ථාව, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතේ ගැසට් කරලා තියෙනවා. උක් පර්යේෂණ අායතනය රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට පවරලා තියෙනවා. සියලුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම අමාත්‍යංශය යටතේම ගැසට් කරලා තියෙනවා.
ග්‍රාමීය අාර්ථික අමාත්‍යංශය යටතේ තිබ්බ වී අලෙවි මණ්ඩලය සහ හසබිම අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරුවා. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ තිබ්බ මහපොළ භාරකාර අරමුදල උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයට පවරලා තියෙනවා.