News Line| Off Air
Generic placeholder image

May
14

නොරොච්චෝලෙ ගල් අඟුරු දහනය නිසා ජය ශ්‍රී මහා බෝධිය අනතුරේ.

2307 Views


නොරොච්චෝලෙ ගල් අඟුරු දහනය නිසා ජය ශ්‍රී මහා බෝධිය අනතුරේ.

බුදුරජාණන් වහන්සේ තෙවරක් පමණක් වැඩියට බුදුන්කේ දේශය විදියට හදුන්වන්නේ ලංකාව. ලෝක වාසී බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන්නේ අනුරාධපුරයේ. ලෝකයේ පැරණිම වෘක්ෂය විදියටත් ජය ශ්‍රී මහා බෝධිය හදුන්වනවා

හැබැයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා ජය ශ්‍රී මහා බෝධියට ලොකු අනතුරුක් වෙන්න යනවා. පරිසර විද්‍යාඥ අාචාර්ය රනිල් සේනානායක මහතා තමයි මේ හෙළිදරව්ව කරන්නේ. එතුමා කියන විදියට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීමෙන් අැති වෙන විෂ අාම්ලික තත්වයන් ඉහළ අහසේ වළාකුළු වල තැන්පත් වෙලා තියෙනවා. නිරිත දිග මෝසමත් එක්ක මේ වළාකුළු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය දෙසට ගමන් කිරීමේ අවධානමක් තියෙනවා කියලා රනිල් මහතා අනතුරු අඟවනවා.

එතුමා වැඩි දුරටත් සඳහන් කරේ නොරොච්චෝලේ අවට ප්‍රදේශවල ඉහළට වැඩිලා තියෙන ගස්වල ශාක පත්‍ර කහ පැහැ ගැන්විලා කියලා. “ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ බදු ජය ශ්‍රී මහා බෝධියට පවා මේ අාම්ලික වළාකුළු මඟින් හානි සිදු වෙන්න පුළුවන්. මුහුදු ප්‍රදේශ අාශ්‍රිතවත් කහ පැහැති අාම්ලික තත්වයක් අැති වෙන්න පුළුවන්.” කියලා එතුමා සන්ඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post