News Line| Off Air
Generic placeholder image

May
14

රාජකීය විවාහයට කලින් “හැරී – මේගන්” ආදර කතාව ගැන චිත්‍රපටියක් නිකුත් වෙයි. – Video

731 Views


රාජකීය විවාහයට කලින් “හැරී – මේගන්” ආදර කතාව ගැන චිත්‍රපටියක් නිකුත් වෙයි. – Video

චාල්ස් – ඩයනා ආදර කතාවට පස්සේ වැඩියෙන්ම කතා බහ වුන රාජකීය ආදර කතාව තමයි හැරී – මේගන් ආදර කතාව. ඒ ආදර කතාවට අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න හරියටම තියෙන්නේ තව දවස් 5 යි. ඒ ඔවුන්ගේ විවාහයට.

රාජකීය විවාහය කට උඩ තියාගෙන නිකුත් වුන චිත්‍රපටියක් මුළු ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙනවා. Harry & Meghan A Royal Romance කියලා තමයි මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ. හැරී කුමරුගේ සහ මේගන්ගේ ආදර කතාව තමයි මේ විදියට කතාවට නගලා තියෙන්නේ.

මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ ඇමෙරිකාවේ. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ බංගලාදේශ ජාතික Menhaj Huda කියන අධ්‍යක්ෂවරයා. හැරී කුමරු විදියට චිත්‍රපටියේ රඟපාන්නේ Murray Fraser. Parisa Fitz-Henley, මේගන්ගේ චරිතයට පණ පොවනවා.

Harry & Meghan A Royal Romance අද ඉදන් ඇමෙරිකාවේ තිරගත වෙනවා. හැබැයි ඉතින් ලංකාවට එන්න නම් ටික දවසක් යාවි. එතකම් මේ Trailer බලන්නකෝ.

https://youtu.be/FgUB5wbFq1w

https://youtu.be/rm_K5nyTLeI


News Articles
Latest Videos
Most Popular Post