ලංකාවේ උසම ගොඩනැගිල්ල කිව්වම අපට මතක් වෙන්නේ, කොළඹ ලෝක වෙළඳ මධස්ථානයේ (WTC) තියෙන කුළුණු දෙක. හැබැයි ළඟදීම මේ ගොඩනැගිල්ලට වඩා උස වෙන්නේ නෙළුම් කුළුණ. නෙළුම් කුළුණේ උස මීටර 350ක්.
එත් අද වෙද්දී අපට ලැබුණ අලුත්ම තොරතුර තමයි දකුණු ආසීයාවේ උසම සම්ප්‍රේෂණ කුළුණ වන නෙළුම් කුළුණත් පරාද කරලා තවත් උස් ගොඩනැඟිලි තුනක් මේ වෙද්දී කොළඹ ඉදිවෙනවා කියල. මේ ගොඩනැගිලි 3 වැඩ ඉවරවෙන්න නියමිත වෙලා තියෙන්නේ 2020 දී.
මේ ගොඩනැගිලි 3 අතරින් කොළඹ ඉදිවන උසින් වැඩිම ගොඩනැගිල්ල වෙන්නේ අල් අමාන් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් (WCC)ගොඩනැගිල්ල. මේකේ උස මීටර 625ක් වෙනවා.කොළඹ 02 ප්‍රදේශයේ ඉදිවන මෙම ගොඩනැගිල්ල තට්ටු 111කින් සමන්විත වෙනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ල තමයි දැනට දකුණු ආසියාවේ ඉදිවෙන උසම ගොඩනැගිල්ල වෙන්නෙත්.
මීළඟට උසින් වැඩිම ගොඩනැගිල්ල ඉදිවෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ. මේකේ නම අල්ටා ටියුඩ් ගොඩනැගිල්ල. මෙහි උස මීටර 383 ක් වන අතරේ තට්ටු 96කින් එය සමන්විත වෙනවා.
තුන් වෙනියට උසින් වැඩිම ගොඩනැගිල්ල වෙන්නේ ක්‍රිෂ් ස්ක්වයර් හෙවත් ද වන් ගොඩනැගිල්ල. කොළඹ නගර මධ්‍යයේ ඉදිවන මේ ගොඩනැගිල්ලේ උස මීටර 420ක්. ඒ වගේම තට්ටු 95කින් එය සමන්විත වෙනවා.
ඉතින් 2020 වෙද්දී මේ ගොඩනැගිලි 3 ම, දැනට නෙළුම් කුළුණේ තැන නැතිකරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.