News Line| Off Air
Generic placeholder image

May
15

පන්ජාබ් ක්‍රීඩකයෝ ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ දෙයි. කෝලිට විශිෂ්ඨ ජයක්.

872 Views


පන්ජාබ් ක්‍රීඩකයෝ ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ දෙයි. කෝලිට විශිෂ්ඨ ජයක්.

IPL ඉතිහාසයේ දරුණුම පරාජයකට මුහුණ දෙන්න ඊයේ Kings XI Punjab පිළට සිද්ධ වුණා. ඒ Royal Challengers Bangalore කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා. බැංගලෝර් පිළට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න පුළුවන් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්නේ පන්ජාබ් ක්‍රීඩකයින්. ලෝකේශ් රාහුල් ලකුණු 21යි. ක්‍රිස් ගේල් ලකුණු 18 කට දැවී ගියා. ඇරෝන් ෆින්ච් ලකුණු 26 යි. අනිත් කිසිම පන්ජාබ් පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පහු කරන්න බැරි වුණා.

පන්ජාබ් ක්‍රීඩකයින් 3 දෙනෙක් දුවද්දී දැවී ගියා. උමේෂ් යාදව් කඩුලු 3 ක් දවා ගත්තා. පන්දුවාර 15 යි එක් පන්දුවක් අවසන් වෙද්දී පන්ජාබ් ඉනිම නිමා වුණා. ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 88 ක් විතරයි.

පහසු ඉලක්කයක් හඹා ගිය බැංගලෝර් ක්‍රීඩකයින් කිසිවෙකුත් නොදැවී තරඟය ජය ගත්තා. විරාත් කෝලි පන්දු 28 කදී නොදැවී ලකුණු 48 යි. පාර්තිව් පටෙල් නොදැවී ලකුණු 40 යි. පන්දුවාර 8 යි එක පන්දුවක් විතරයි බැංගලෝර් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැය වුණේ. තරඟයේ වීරයා උමේෂ් යාදව්.


News Articles
Latest Videos
Most Popular Post