News Line| Off Air
Generic placeholder image

May
15

ට්‍රම්ප්ගේ මෝඩ තීරණ නිසා ඊශ්‍රායලය, පලස්තීන වැසියන් සමූල ඝාතනය කරයි. – Photo

1125 Views


ට්‍රම්ප්ගේ මෝඩ තීරණ නිසා ඊශ්‍රායලය, පලස්තීන වැසියන් සමූල ඝාතනය කරයි. – Photo

අවුරුදු 4 කට පස්සේ ගාස තීරයේ යලිත් දරුණු ගැටුම් ඇති වුණා. ඊශ්‍රායල හමුදා ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහරය නිසා පලස්තීන වැසියන් 55 දෙනෙක් මිය ගියා. 2700කට අධික පිරිසක් තුවාල ලබා තියෙනවා.

ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, ටෙල් අවිව් සිට ජෙරුසලමට මාරු කිරීමට විරෝධය දක්වලා පලස්තීන වැසියන් 20,000 ක් පමණ ඊයේ ගාසා තිටයේ විරෝධතාවයක නිරත වුණා. මේ අවස්ථාවේදී තමයි ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල කරේ. ඊශ්‍රායලයේ අගනුවර ලෙස තමන් ජෙරුසලම හඳුනා ගන්නා බවට අමෙරිකානු ජනපති ගත් තීරණය සමග ඊට එරෙහිව පලස්තීනයේ සති 6ක කාලයක සිට දැඩි විරෝධතා රැළි පවත් වුණා.

ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් ප්‍රකාශ කරේ ආත්ම ආරක්ෂාව සඳහා තමන්ගේ හමුදාව ප්‍රහාර එල්ල කරා කියලා. කොහොම වුනත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරේ මෙම ප්‍රහාරය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට මේ ප්‍රහාර ඉදිරියේදී තවත් වැඩි වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post