News Line| Off Air
Generic placeholder image

May
15

මාස 5 ට 172 ක් යකඩ යකාට බිලි.

559 Views


මාස 5 ට 172 ක් යකඩ යකාට බිලි.

කාන්තාවන්ගේ නම් දාල තිබ්බට කාන්තාවන්ගේ තියෙන සුමට බව දුම්රියේ නෑ. ධාවන වෙන දුම්රියක යන්තම් හරි ගවුනොත් ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

කට කැඩෙනකන් කිව්වත් මිනිස්සු දුම්රිය ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒ නිසා ඊයේ දවස වෙද්දී මේ අවුරුද්දට මිනිස් ජිවිත 172 ක් දුම්රියට බිලි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මුල් මාස 3 විතරක් 169 ක් දුම්රිය අනතුරු වලින් මිය ගිහින් තියෙනවා.

ගිය අවුරුද්දේ දුම්රිය අනතුරු වලින් පුද්ගලයින් 540 කට ජිවිත අහිමි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ වැඩිම පිරිසක් දුම්රිය අනතුරු වලින් මිය ගිහිල්ලා තියෙන්නේ දුම්රිය මාර්ග හරහා අනාරක්ෂිතව වාහන ධාවනය කරන්න ගිහිල්ලා.


News Articles
Latest Videos
Most Popular Post