News Line| Off Air
Generic placeholder image

May
15

හෙලිකොප්ටරයකින් අඟහරු වටා යන්න නාසා ආයතනය සූදානම් වෙයි.

568 Views


හෙලිකොප්ටරයකින් අඟහරු වටා යන්න නාසා ආයතනය සූදානම් වෙයි.

අභ්‍යාවකාශ ගවේෂණය කරන විද්‍යාඥයින්ගේ ප්‍රධානම ඉලක්කයක් තමයි අඟහරු ගවේෂණය. නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න අලුත්ම ක්‍රමයක් නාසා ආයතනය හොයාගෙන තියෙනවා.

ඒ කුඩා හෙලිකොප්ටර් යානයක්. 2020 දී තමයි මේ යානය අඟහරු මතට දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. “ද මාර්ස් හෙළිකොපටර්” කියලා තමයි මේ යානය නම් කරලා තියෙන්නේ. මේ යානය මිනිසුන් රහිතව ක්‍රියාත්මක වෙන ඩ්‍රෝන මාදිලියේ හෙලිකොප්ටරයක්. යානය කිලෝග්‍රෑම් 1.8 කට වඩා අඩුයි. සැහැල්ලු පාපන්දුවක ප්‍රමාණයක් ගන්නවා.

අඟහරු ග්‍රහයා මත තියෙන ඝනකම් වායුගෝලය හරහා ගමන් කිරීමේදී ලොකු ආලෝකයක් තියෙන විදුලි පන්දමකුත් සවි කරනවා. දැනටමත් පෘතුවියේදී කරපු පියාසර කිරීම් වලදී ආදී 40,000 ක් පමණ ඉහළ යන්න මේ යානය සමත් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post