ශ්‍රී ලංකා සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟ 2ක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර සහ කොළඹ සහ නුවර කණ්ඩායම් අතර. මේ තරඟ වලදී ගාල්ල සහ කොළඹ කණ්ඩායම ජය වාර්තා කරා.
වර්ෂාවේ බාධක මැද්දේ පැවැත්වුන තරඟයෙන් ලකුණු 15 ක් ජයක් ලබා ගන්න ගාලු කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 287 ක් රස කරා. නිශාන් මධුෂ්ක ලකුණු 44 යි. අශාන් ප්‍රියන්ජන් ලකුණු 38 ක් ලබා ගත්තා. තිලකරත්න සම්පත් ලකුණු 43 යි.
සචිත්‍ර සේනානායක ලකුණු 65 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 4 ක් ඇතුලත් වුණා. පන්දුවාර 47 කදී දඹුල්ල කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියා. දසුන් ශානක සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු 3බැගින් දවා ගත්තා. ධම්මික ප්‍රසාද් කඩුලු 2 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ගාලු පිතිකරුවන් වේගවත් පිතිහරඹයක නිරත වුණා. රමිත් රඹුක්වැල්ල සහ නායක උපුල් තරංග පළවෙනි කඩුල්ලට ලකුණු 70 ක් රැස් කරා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල තරංග පන්දු 26 කදී ලකුණු 57 ක් රස කරා. ඔහුගේ ඉනිම 4 පහර 7 ක් සහ 6 පහර 4 කින් වර්ණවත් වුණා. රමිත් සහ ලහිරු මලින්ත ලකුණු 31 බැගින් රැස් කරා.
සම්මු අශාන් නොදැවී ලකුණු 48 යි. දසුන් ශානක නොදැවී ලකුණු 38 යි. පන්දුවාර 37 ක් අවසන් වෙද්දී වර්ෂ නිසා තරඟය නැවැත්තුවා. ඒ වෙද්දී කඩුලු 3 ක් දැවී ලකුණු 218 ක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා. සචිත්‍ර සේරසිංහ කඩුලු 2 ක් දවා ගත්තා. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 15 ක් ජයක් ගාල්ල කණ්ඩායමට හිමි වුණා.
කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟයේ මුලින්ම ලකුණු රැස් කරේ කොළඹ කණ්ඩායම. ඔවුන් කඩුලු 8 කට ළකුණු 09 ක් රස කරා. කමිදු මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය පළවෙනි කඩුල්ලට ලකුණු 102 ක සබඳතාවක් ගොඩ නැගුවා. කමිඳු ලකුණු 47 යි. ෂෙහාන් ජයසූරිය ලකුණු 81 යි. 4 පහර 5 කසහ 6 පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා .
චාමර සිල්වා ලකුණු 61 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ලහිරු නොදැවී ලකුණු 90 යි. ඔහුගේ ඉනිම 4 පහර 3 කින් සහ 6 පහර 6 කින් වර්ණවත් වුණා. සචිත් පතිරණ කඩුලු 3 ක් දවා ගත්තා. දනුෂ්ක ගුණතිලක කඩුලු 2 යි.
ලකුණු 310 ක ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 217 ක් විතරයි. චාමර ගෙදර ලකුණු 44 යි. දනුෂ්ක ගුණතිලක ලකුණු 59 ක් ලබා ගත්තා. භානුක ලකුණු 26 යි. සුපිරි පන්දු යැවීමක නිරත් වුන වනිඳු හසරංග කඩුලු 4 ක් දවා ගත්තා. ෂෙහාන් ජසූරිය සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්තා.