News Line| Off Air
Generic placeholder image

May
15

රන්විර් සිං, සුපිරි හෝටලයේ පඩිපෙළ උඩ වාඩි වෙලා විනාඩි 20 ක් හිටියේ ඇයි?

931 Views


රන්විර් සිං, සුපිරි හෝටලයේ පඩිපෙළ උඩ වාඩි වෙලා විනාඩි 20 ක් හිටියේ ඇයි?

සුරූපී බොලිවුඩ් නිලි සෝනම් කපූර්ගේ විවාහය ඉවර වෙලා දැන් සතියක් වෙනවා. හැබැයි තාමත් සෝනම්ගේ වෙඩිං එක දවසේ සිද්ධ වුණු දේවල් ගැන බොලිවුඩයම කතා වෙනවා. ඒ අතරට ආව අලුත්ම මාතෘකාව තමයි අන්තර්ජාලයේ Share වෙන සුපිරි නලු රන්වීර් සිංගේ ආන්දෝලනාත්මක  ඡායාරූපය.
සෝනම්ගේ වෙඩිං එක අතරේ ඒ හෝටලයේ පඩිපෙලක් උඩ වාඩිවෙලා රන්වීර් විනාඩි විස්සක් විතර කා එක්ක හරි SMS කර කර ඉඳලා. එතන හිටපු ඡායාරූප ශිල්පියෙක් රන්වීර්ගේ ෆොටෝ එකක් අරං අන්තර්ජාලයට දාලා. ඉතිං දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි රන්වීර් එච්චරටම මැසේජ් කරේ කාටද කියන එක. හැබැයි ඉතිං බොලිවුඩ් විචාරකයෝ නං කියන්නේ කාන්ස් සිනමා උලෙලට සහභාගී වෙන්න ගිහිං හිටපු සුරූපී නිලි දීපිකා පදුකෝන් ඇරෙන්න රන්වීර්ට ඔච්චර මැසේජ් කරන්න කෙනෙක් නෑ කියලයි.


News Articles
Latest Videos
Most Popular Post