News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුධ අභ්‍යාසයට උතුරු කොරියාවේ විරෝධය. ලෝක යුද්ධයකට යළිත් දොර ඇරෙයි.

781 Views


ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුධ අභ්‍යාසයට උතුරු කොරියාවේ විරෝධය. ලෝක යුද්ධයකට යළිත් දොර ඇරෙයි.

ලෝක සාමයේ අලුත් පිටුවක් පෙරලන්න උතුරු කොරියාව සහ ඇමෙරිකාව සූදානමින් හිටියා. හැබැයි ඇමෙරිකාවේම වැඩක් නිසා ආයෙත් ලෝක යුද්ධයකට මඟ පෑදිලා තියෙනවා.

දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර අද පවත්වන්න තිබ්බ සාම සාකච්ඡාව අවලංගු කරන්න උතුරු කොරියාව තීරණය කරලා තියෙනවා. ඒ ඇමෙරිකාව එක්ක කරන යුධ අභ්‍යාසයට විරෝධය පළ කරලා. උතුරු කොරියාව කියන්නේ මේ යුධ අභ්‍යාසය ආක්‍රමණශීලි සහ ප්‍රකෝපකාරී ක්‍රියාවක් කියලා.

මේ නිසා ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජෝන් අන් අතර ජුනි 12 පවත්වන්න නියමිතව තිබ්බ හැමුවත් වැට උඩ. ඒ හමුව ගැනත් ආයෙත් සළකා බලන්න වෙනවා කියලා උතුරු කොරියාව කියනවා. කොරියානු අර්ධද්පය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් කරන්නයි අද සාකච්ඡා පවත්වන්න නියමිතව තිබුණේ. හැබැයි මේ නිසා දැන් ආයෙත් ලෝක යුද්ධයකට දොරටු විවර වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post