News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

කොළඹ කුණු අයින් කරන්න ඇමෙරිකාව අත දෙයි. ජපානය හිත දෙයි.

1034 Views


කොළඹ කුණු අයින් කරන්න ඇමෙරිකාව අත දෙයි. ජපානය හිත දෙයි.

කොළඹට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කුණු සහ අපජලය. මේ ප්‍රශ්නය නිසා ජනතාව සහ බලධාරීන් ගැටුනු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. කෝට්ටේ තියෙන අපජලය ප්‍රශ්නයට විසදුමක් දෙන්න ඇමෙරිකාව සහ ජපානය එකතු වෙලා තියෙනවා.

කෝට්ටේ අපජලය පවිත්‍රකර බැහැරකිරීමේ පද්ධතියක් ඉදිකරන්න සැලසුම් කරලා තියෙනවා කියලා නගර සැලසුම් සහ ජාල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකශ කරා. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් ජයිකා ආධාර යටතේ ලැබෙනවා. අවශ්‍ය කරන තාක්ෂණය ජපානයෙන් ලබා දෙනවා.

හෙක්ටයාර 3000 ක භූමි ප්‍රමාණයක් මේ ව්‍යාපෘතියෙන් ආවරණය වෙනවා. පාර්ලිමේන්තුව, සෙත්සිරිපාය, සුහුරුපාය වගේ රජයේ ආයතනත් ඊට ඇතුලත් වෙනවා. ඒ වගේම කඩුවෙල, බත්තරමුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, නුගේගොඩ සහ කිඹුලාවල ප්‍රදේශ වල 2,22,000 ක් විතර මේ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post