News Line| Off Air
Generic placeholder image

May
16

පන්දුව පළුදු කල බැන්ක්‍රොෆ්ට් යලිත් ක්‍රිකට් පිටියට.

764 Views


පන්දුව පළුදු කල බැන්ක්‍රොෆ්ට් යලිත් ක්‍රිකට් පිටියට.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ලැජ්ජා සහගතම ක්‍රියාව කරපු කෙනා තමයි කැමරන් බැන්ක්‍රොෆ්ට්. ඒ දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ ටෙස්ට් තරඟයකදී ප්‍රසිද්ධියේ පන්දුව පළුදු කරලා. මේ නිසා ඔහුට ක්‍රිකට් තහනමක් පැනෙව්වා.

හැබැයි අයෙට්‍ර්හ් බැන්ක්‍රොෆ්ට ක්‍රිකට් පිටියට එන්න අවසර දෙන්න ඔස්ට්‍රේලියාව තීරණය කරලා තියෙනවා. හැබැයි අන්තර් සමාජ ක්‍රිකට් තරඟ වලට විතරයි. මිට කලින් ඔහුත් සමඟ තරඟ තහනමට ලක්වුන ඩේවිඩ් වෝනර්ට සහ ස්ටීවන් ස්මිත්ට අන්තර් සමාජ ක්‍රිකට් තරඟ වලට ක්‍රීඩා කරන්න අවසර දුන්නා.

හැබැයි බැන්ක්‍රොෆ්ට ක්‍රීඩා කරන්න අවසර දෙනවද කියලා බලන්න ප්‍රධාන පෙලේ ක්‍රිකට් සමාජ 16 ක් අතර ඡන්ද විමසීමක් තිබ්බා. ක්‍රිකට් සමාජ 14 කම ඔහුට ආයෙත් ක්‍රිකට් ගහන්න දෙනවට කැමති වෙලා තිබ්බා. ඒ නිසා ජූලි මාසයේ ආරම්භ වෙන උතුරු පළාත් ලීග් තරඟාවලියට සහභාගී වෙන්න බැන්ක්‍රොෆ්ට අවස්ථාව ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post